නවතම පුවත්

තිස්පහේ බිත්තරේ සතොසෙන්ම ගන්න

අසංක

අසංක

ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර, නිෂ්පාදන සමාගමට අනුව (ඇසුරුමේ සදහන් පරිදි) ශීතකරණයක සෙල්සියස් 2-5 අතර ගබඩා ‍කරන්නේ නම් මාස 3ක කාලයක් තබාගත හැකි වේ.

එමෙන්ම කාමර උෂ්ණත්වයේ තබන්නේ නම් උපරිම දින 4 ක කාලයක් ආනයනික බිත්තර තබා ගත හැකි බව බලධාරීහු පෙන්වා දෙති.

තවමත් මේ බිත්තර විකිණීම සදහා සීමාවක් පනවා නොමැති බැවින් රුපියල් 35ක මිලකට ඕනෑම අයකුට ඕනෑම ප්‍රමාණයක් මිලදී ගැනීමේ හැකියාව පවතී.

නමුත් වෙළඳපලේ දේශීය බිත්තරයක මිල තවත් රු 50 -60 අතර පවතී.

එබැවින් බොහෝ විට ඉහත වාසිය කූට වෙළෙඳුන් විසින් ලබාගන්නා බව පාරි‍භෝගිකයන් ඇතැමෙක් මැසිවිලි නඟති.

එනම් සතොසේ ඇති බිත්තර රුපියල් 35 කට මිලදීගෙන අධික මිලකට විකිණීම සදහා බිත්තරවල සලකුණු මකාදමා සාමාන්‍ය බිත්තර සේ විකිණීමට කටයුතු කරන බවට ය.

එහිදී කිසිදු උෂ්ණත්වය නියාමනයක් සිදුනොවන බැවින් එනම් සාමාන්‍ය උෂ්ණත්වයේ කූණුවීමට ආසන්න බිත්තර වෙනත් වෙළෙඳසල්වලින් නොදැනුවත්වම මිලදී ගැනීමට සිදුවීමේ අවදානමක් පවතී.

එබැවින් සතොසින් නියමිත උෂ්ණත්වයේ දීම බිත්තර මිලදී ගැනීමට උත්සහ ගන්නා ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිහිපත් කර සිටී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්