ති‍්‍රපිටකය ජාතික උරුමයක් බවට පත්කිරීමේ නිල ප්‍රකාශය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කර තිබේ.
ඊට අදාළ ගැසට් පත්‍රයට ජනාධිපතිවරයා ඊයේ අත්සන් තබා ඇති අතර එය අංක 2109/03 යටතේ අතිවිශේෂ ගැසට් පත්‍රයක් ලෙස නිකුත් කොට ඇත.
අධර්මවාදී බලවේගවලින් ත්‍රිපිටක ධර්මය ආරක්ෂාකර ගැනීමේ පරම පවිත්‍ර සහ සැදැහැති චේතනාව පෙරදැරිකොට ගෙන පාලි හාෂාවෙන් සහ සිංහල භාෂාවෙන් ලේඛනාරූඪ කරණු ලැබ ඇති අට්ඨ කථා සහිත ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට මම ප්‍රකාශයට පත්කරන බව ජනාධිපතිවරයා ගැසට් පත්‍රය මගින් ප්‍රකාශ කොට තිබේ.
මේ අනුව ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයෙහි අනුමැතියකින් තොරව එකී ත්‍රිපිටකය නැවත මුද්‍රණය කිරීම හෝ සංස්කරණයක් කිරීම හෝ සිදු නොකළ යුතු බවට ද, හෙතෙම නියෝග කර ඇත.
ප්‍රබෝධා හෙට්ටිආරච්චි