සමස්ත ජනගහනයට කොවිඩ් මර්දන එන්නත මගින් මාත්‍රා 2ක් ලබාදී පූර්ණ එන්නත්කරණයට ලක් කළ පසුව පුද්ගලයින් සඳහා ‘Booster Shot’ හෙවත් ප්‍රතිශක්තිකරණය නැංවීමේ අතිරේක මාත්‍රාවක් ලබාදීමට හදිසි විය යුතු නැති බවට රෝග නිවාරණ හා පාලන පිළිබඳ යුරෝපීය මධ්‍යස්ථානය (ඊසීඩීසී) අවධාරණය කර තිබේ.
වර්තමාන සාක්‍ෂි මත පදනම්ව, රෝග නිවාරණ හා පාලන පිළිබඳ යුරෝපීය මධ්‍යස්ථානය (ඊසීඩීසී) විසින් ඊයේ නිකුත් කරන ලද තාක්‍ෂණික වාර්තාවක මේ බව සටහන් වේ.
නමුත් දැඩි ලෙස දුර්වල වූ ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින් සඳහා මූලික එන්නතෙහි කොටසක් වශයෙන් අතිරේක මාත්‍රාවන් දැනටමත් සලකා බැලිය යුතු බව ද වාර්තාවේ සඳහන් වේ.
එබැවින් රටක් තුළ එන්නත් කළ ජනතතාවට අතිරේක මාත්‍රා දීමට පෙර සමස්ත ජනගහනයම පූර්ණ එන්නත්කරණයට ලක්කිරීමට අවධානයට යොමු කළ යුතු බවට මෙම වාර්තාව මගින් අවධානය යොමුකරවා ඇත.