නවතම පුවත්

තෘණ භූමි රැසක් විනාශයි ! කිරි එළදෙනුන් හාමතේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

යූරියා නොමැතිකම නිසා රටපුරා තෘණ භූමි විනාශවීමේ බරපතළ අවදානමක් මතුවී ඇතැයි වාර්තාවේ.

තෘණ සහ සෝගම් අස්වැන්න මෙලෙස අඩුවීම නිසා කිරි එළදෙනුන්ට සහ ගවයන්ට ප්‍රමාණවත් පරිදි ආහාර සැපයීමද බරපතළ ප්‍රශ්නයක්වී ඇත.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින්  ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය මංජුල සුමිත් මාගමගේ මහතා පැවසුවේ යූරියා නොමැතිකම නිසා තෘණ සහ සෝගම් අස්වැන්න විශාල ලෙස පහත බැස ඇති බවයි.

සෝගම් අස්වැන්න දින 70 කින් කැපීමෙන් පසු නැවත දලු ලෑම සඳහා ඊට යූරියා ඉසින බව පැවසූ මහාචාර්යවරයා යූරියා වෙනුවට කාබනික පොහොර ඉසීමෙන් අපේක්ෂිත අස්වැන්න ලබා ගත නොහැකි බවද ප්‍රකාශ කළේය.

ජාතික පශු සම්පත් මණ්ඩලය යටතේ රටපුරා පවතින තෘණ භූමි ප්‍රමාණය හෙක්ටයාර් 4000කි.

මේ අතර ජාතික පශු සම්පත් මණ්ඩලය නුවරඑළිය සීතාඑළිය ප්‍රදේශයේ බීජ අර්තාපල් නිෂ්පාදනය කිරීම සිදුකරන අතර දිලීරනාශක හිඟය නිසා එම කටයුතුද බෙහෙවින් අඩාලවී ඇතැයි මහාචාර්ය මාගමගේ මහතා පැවසීය.

මේ අතර සත්ව ආහාර ගබඩා කිරීම සඳහා ගබඩා පහසුකම් නොමැතිවීමද බරපතළ ගැටලුවක් බව ජාතික පශු සම්පත් මණ්ඩලය පවසයි.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්