පැතුම් වික්‍රමරත්න
හම්බන්තොට මිරිජ්ජවල තෙල් පිරිපහදු ව්‍යාපෘතිය හරහා මුදල් විශුද්ධිකරණය කිරීමේ අවදානමක් ඇති බව ට්‍රාන්ස්ෆෙරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය අවධාරණය කර සිටී ..
මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන ආයෝජනය සිංගප්පූරුවේ පිහිමි සිල්වර් පාක් ඉන්ටර්නැෂනල් සමාගම විසින් සිදුකරන අතර එම සමාගමේ පාලනය , විවිධ දූෂණ චෝදනාවන්ට ලක්ව සිටින තමිල්නාඩු හිටපු අමාත්‍ය ජගත්රක්ෂකන් හා ඔහුගේ පවුල සතුවන බවත් , ට්‍රන්ස්පෙරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහ න් කර ඇත..
එබැවින් අදාළ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් දේශපාලන වශයෙන් යම් දූෂණ කාර්යන්ට සම්බන්ධවූවන් ද යන්න පිළිබඳව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නිසි ඇගයීමක් කළ යුතු බව ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් නිවේදනයේ සඳහන් ය.
මේ අතර අදාළ ව්‍යාපෘතිය පිළිබඳ සියලු විස්තර තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව මහජනතාවට දැනගැනීමේ අවස්ථාව ලබාදිය යුතු බව ද එම ආයතනය පවසයි.