නවතම පුවත්

හෙද වර්ජනය තවදුරටත්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය මගින් ක්‍රියාත්මක කරනු ලැබ ඇති වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් අද (27) ගාල්ල කරාපිටිය රෝහලේ දෛනික කටයුතු   අඩාලව පැවතිනි.

ගාල්ල කරාපිටිය රෝහලේ  හෙද හෙදියන්  ගෙන් කොටසක් සේවා කටයුතු සඳහා  ඊයේත් වාර්තා කර තිබූ අතර  තවත් පිරිසක්  වෘත්තීය ක්‍රියාමාර්ගයට  සහාය පලකරමින්  සේවයට පැමිණ තිබුනේ නැත.

 මේ සම්බන්ධයෙන් ගාල්ල කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ  වෛද්‍ය  ප්‍රියන්ත කරුණාරත්න  මහතාගෙන් අප කල විමසුමකදී පැවසුවේ  අද උදෑසන අටට ආරම්භ වූ සේවා මුරය සඳහා හෙද නිලධාරීන් පන්සියයක් පමණ වාර්තා කල යුතු වුවත්  සේවය අද දිනයේ වාර්තා කර තිබුනේ හෙද හෙදියන් දෙසීය පනහක පමණ ප්‍රමාණයකි.

 කෙසේ වෙතත් අත්‍යාවශ්‍ය සේවාවන්   හදිසි ප්‍රතිතාර සේවාවන් ගැටලුවකින් තොරව පවත්වාගෙන යාමට  අවශ්‍ය කටයුතු යොදා ඇති බවද රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා