නවතම පුවත්

තෙල් පෝලිම නැතිකරන්න, අතිරේක තොග බෙදාහැරේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉදිරි දින 03 තුළ සියලුම ඉන්ධන වර්ගවල අතිරේක තොග බෙදා හරින ලෙසට නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඉන්ධන බෙදා හැරීම සමාලෝචනය කිරීමෙන් අනතුරුව දිවයින පුරා බෙදා හැරීමේ කටයුතු සිදු කරන ලෙස දැනුම්දුන් බවයි අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සදහන් කළේ.

එමෙන්ම ඉදිරි දින දෙක තුළදී ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව පවතින පෝලිම් අඩු කිරීමටද පියවර ගැනීමට නියමිතයි. බෙදා හැරීමේ අඩුපාඩු, ගොඩබෑමේ ප්‍රමාදයන් සහ ඉන්ධන පිරවුම්හල් මගින් ඇනවුම් සඳහා ගෙවීම් ප්‍රමාදවීම වැනි ගැටලු හේතුවෙන් පිරවුම්හල් ආශ්‍රිතව ඉන්ධන පෝලිම් නිර්මාණය වූ බවද අමාත්‍යවරයා පවසනවා.

කෙසේ වෙතත් ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ඩී වී ශාන්ත ද සිල්වා පැවසුවේ පිරවුම්හල් ආශ්‍රිතව යලි පෝලිම් නිර්මාණය වී ඇත්තේ ඛනිජ තෙල් සංස්ථාව ප්‍රමුඛතා ලැයිස්තුවක් හරහා ඉන්ධන බෙදාහැරීම හේතුවෙන් බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්