නවතම පුවත්

තෙල් මිල අද හෙට වැඩිවෙන්නේ නෑ

Roshan

Roshan


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

තෙල් මිල අද හෙට වැඩි නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (11) පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී උපදෙස් දී ඇති බව වාර්තා වේ.

‍එමෙන්ම තෙල් මිල අද හෙට වැඩි නොවන බවට තමාට සහතික විය හැකි යැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා ද ඊයේ (11) පැවැසීය.

“අද පෝලිමේ ඉදලා තෙල් ගහලා වැඩක් නෑ. අද හෙට නම් මිල වැඩිවෙන්නේ නෑ. ඒ සහතිකේ මම දෙනවා. ආණ්ඩුව ඇතුළේ සාකච්ඡා වෙලා ගියා පාරත් සති තුනක සාකච්ඡාවකට පස්සේ තමයි‍, වැඩිකරන ප්‍රමාණය තීරණය කළේ. ඉදිරි දින කිහිපයේ තෙල් මිල වැඩිවීමක් සිද්ධ වෙන්නේ නෑ කියන එක නම් මට බය නැතුව කියන්න පුළුවන්.” යැයි ද අමාත්‍යවරයා පැවසුවේ, ඊයේ (11) බලශක්ති අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෑත ඉතිහාසයේ තෙල් සම්බන්ධයෙන් වාර්තා වූ ඉහළම මිල වැඩිවීම වාර්තා වී තිබෙන බවත් යම් සහනයක් ලබාදීම සම්බන්ධයෙන් අද රැස්වන අමාත්‍ය මණ්ඩලය සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.

අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේ, රජය මේ මිළ වැඩි වීම දරා සිටින බවත් ආණ්ඩුවට හැකිනම් යම් සහනයක් ලබාදීමට කටයුතු කරන බවත් ය. එසේම මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසීය.

මාධ්‍ය හමුවට එක්වූ ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසුවේ,ලෝක වෙළඳපළේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ඛනිජ තෙල් සංස්ථාව රජයෙන් ඉල්ලීමක් කර ඇති බවයි.

අවසන් වරට ඉන්දන මිල ඉහළ දැමුවේ ජුනි මස 11 වෙනිදා බව පැවසු සභාපතිවරයා, ඒ අවස්ථාව වනවිට ලෝක වෙළඳපළේ තෙල් බැරලයක මිල 92 පෙට්‍රල් ඩොලර් 78.8 ලෙස ද ඩිසල් ඩොලර් 76.6 ලෙස ද තිබුණු බවත්, අද වනවිට පෙට්ට්‍රල් බැරලයක මිල ඩොලර් 92ක් ලෙස ද ඩිසල් ඩොලර් 92.67 ලෙස ද ඉහළ ගොස් ඇති බව කීය.

එසේම මෙම තෙල් මිල ඉහළ යාමත් සමග පෙට්ට්‍රල් ලීටරයකින් රුපියල් 14.56 පාඩුවක් සහ ඩිසල්වලින් රුපියල් 31.46 පාඩුවක් ඛනිජ තෙල් සංස්ථාව ලබන බව පැවසූ සභාපතිවරයා, මසකින් බැලුවිට අගෝස්තු මස (31)වන විට බිලියන 70 පාඩුවක් ඛනිජ තෙල් සංස්ථාව ලබා ඇතිබව පෙන්වා දුන්නේය. මේ සම්බන්ධව රජයේ අවධානය යොමු කරන ලෙස ද සභාපතිවරයා ඉල්ලා සිටියේ ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්