තෙල් සංස්ථාව, රුපියල් කෝටි 74,000 ක් ණයයි!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඛනිජ තෙල් සංස්ථාව ඩොලර් මිලියන 3700 ක් හෙවත් රුපියල් කෝටි 74,000 ක් රාජ්‍ය බැංකු දෙකට ණය වී සිටීම නිසා තව දුරටත් ණය නොදෙන ලෙස එම බැංකුවලට මහ බැංකුව උපදෙස්දී ඇති බවත් තෙල් සංස්ථාව දීර්ඝ කාලයක සිට ණයට තෙල් විකිණීම මෙයට හේතුව බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් කොටි 8000 සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම කෝටි 6300 ණයට තෙල් ලබාගෙන මුදල් ගෙවලා නොමැතිවීම නිසා ඛනිජ තෙල් සංස්ථාව ණයකාරයෙක් බවට පත්ව ඇති බව කී අමාත්‍යවරයා පැවසුවේ ඒ හේතුවෙන් තව දුරටත් එම ආයතනවලට ණයට තෙල් සැපයීම නතර කළ බවයි.