මේ වසරේ තුන්වන පාසල් වාරය සඳහා පාසල් විවෘත කිරීම අද (02) දිනයේ සිදුවන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි. ඒ අනුව පාසල් 12ක් හැර අනිකුත් පාසල් හෙට දිනයේ අධ්‍යයන කටයුතු ආරම්භ කරයි. අදාල පාසල් 12 උසස් පෙළ උත්තර පත්‍ර පරික්ෂාවට යොදා ගන්න නිසා ලබන සැප්: 16 දින ආරම්භ කරන බව වැඩිදුරටත් සඳහන් වේ.
කොළඹ රාජකීය, නාලන්ද සහ හින්දු විද්‍යාලය, කළුතර ඥානෝදය විද්‍යාලය, රත්නපුර මිහිඳු විද්‍යාලය, කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය, මහනුවර, කින්ග්ස්වූඩ්, විහාරමහාදේවි, සීතාදේවි යන විද්‍යාල, ගාල්ල, විද්‍යාලෝක විද්‍යාලය, බදුල්ල විද්‍යාලය සහ ඌව මහා විද්‍යාලය මෙලෙස තෙවන වාරය සඳහා සැප් :16 දින යලි වවෘත කෙරෙයි.
හදිසි නීතිය ඉවත් කලද පාසල් වලට ලබා දෙන යුධ හමුදා ආරක්ෂාව දිබව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, මේජර් ජනරාල් සුමිත් අතපත්තු මහතා අප කළ විමසීමකදී තහවුරැ කළේ ය.