තේ අක්කරයකින් කිලෝ 1000ක් ගන්න තාක්ෂණයක්

Picture of අසංක

අසංක

තේ වගාවේ අස්වනු ඉහළ නැංවීමට තාක්ෂණික පැකේජයක් හඳුන්වාදීමට වැවිලි කර්මාන්ත අමාත්‍යංශය සැළසුම් කර ඇත.

මෙම තාක්ෂනය හරහා තේ අස්වැන්න තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහල නැංවීමට හැකි බව අමාත්‍යංශය සඳහන් කර සිටී .

ඒ අනුව දැනට අක්කරයකින් නෙළා ගන්නා තේ දළු ප්‍රමාණය කිලෝග්‍රෑම් 350 ත් 400 දක්වා සීමා වී ඇති නමුත් නව තාක්ෂණික පැකේජය ක්‍රියාවට නැංවීම තුළින්, එක් අක්කරයකින් තේ දළු කිලෝ 1000ක් නෙළා ගැනීමට හැකියාව ලැබෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍යංශය ඇස්තමේන්තු කර ඇත