තොටළඟ මහ ගින්නක් – හදිසි පියවර ගන්න ජනපති නියෝග – නිවාස ගණනක් විනාශයි

Picture of අසංක

අසංක

තොටළඟ කජීමාවත්ත නිවාස පෙළක් ආශ්‍රිතව අද සන්ධ්‍යාවේ ඇති වූ විශාල ගින්න වහාම මැඩපැවැත්වීමට පියවර ගන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබේ.

මේ වනවිට ජපාන නිල සංචාරයේ යෙදී සිටින ජනාධිපතිවරයා විසින් ගින්න සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් දෙන ලෙස ලේකම් සමන් ඒකනායක මහතාට දැනුම් දී ඇත.

එමෙන්ම ගින්නෙන් විපතට පත්වූවන්ට අවශ්‍ය සියලු සහන සලසන ලෙසත් ජනාධිපතිවරයා නියෝග කර ඇත.

ඒ අනුව ගින්න මැඩපැවැත්වීමට ත්‍රිවිධ හමුදාව ඇතුළු අදාළ අංශ වෙත වහාම නියෝග නිකුත් කිරීමට කටයුතු කර තිබේ.

ගින්නෙන් නිවාස 50ක් පමණ මුළුමනින්ම විනාශ වී ඇති අතර ජීවිත හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැත.