දකුණු අප්‍රිකාවේ ව්‍යාප්ත වෙමින් පවතින B.1.351 නම් කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වූ රෝගියෙකු පළමු වරට මෙරටින් වාර්තා වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා අනාවරණය කර සිටී
. මෙම වෛරසය ආසාදනය වූ රෝගියා ටැන්සානියාවේ සිට මෙරට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක සිටියදී මෙසේ වාර්තාවී ඇති බවද ජීවන්දර මහතා අද දින මාධ්‍ය වෙත සඳහන් කළේය .
එමෙන්ම E484K යනුවෙන් හඳුන්වන විකෘති ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයෙකු මහියංගණය ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවද ඒ මහතා මෙහිදී සඳහන් කලේය .
එමෙන්ම බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වන B.1.1.7 නම් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් සිව්දෙනෙකු ද නිරෝධායන මධ්‍යස්ථාන තුලින් හමුවී ඇති අතර යුරෝපයේ ව්‍යාප්ත වන B.1 වෛරස ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් 05 දෙනෙකු සහ බංග්ලාදේශය සහ යුරෝපයේ ව්‍යාප්ත වන B.1.1.103 වෛරස ප්‍රභේදය ආසාදනය වූ එක් රෝගියෙකු ද විදේශයන්හි සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන තුල සිටි ආසාදිතයින් ගෙන් හමුවී ඇත.
පසුගිය මාසයේදී මහියංගණය, අවිස්සාවේල්ල, කුරුවිට, බියගම, මාතලේ, රත්තොට, කළුතර සහ කොළඹ නගර සභා සීමාවන් හි පුද්ගලයින් 93 දෙනෙකුගේ වෛරස සාම්පල් ජානමය විශ්ලේෂණයකට ලක් කළ බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කලේ.
දකුණු අප්‍රිකාවේ සහ බ්‍රසීලියානු ප්‍රභේදවල දක්නට ලැබෙන කොවිඩ් ප්‍රභේද මෙරටින් හමුවීම පිළිබඳව දැඩි අවධානය යොමුව ඇති බවත් කොවිඩ් මර්ධන එන්නත සඳහා මෙම විකෘති ප්‍රභේදය ගැටළුවක් විය හැකි බවත් ආචාර්ය චන්දිම ජිවන්දර සඳහන් කලේය .
මිට අමතරව වාද්දුව ප්‍රදේශයෙන් ලද සාම්පලයකින් යුරෝපයේ ව්‍යාප්ත වන B.1.428 යනුවෙන් හඳුන්වන ලබන වෛරස ප්‍රභේදය ආසාදනය වූ අයෙකු ද සිටින බවද වෛද්‍යවරයා අනාවරණය කළේය .