නවතම පුවත්

ශ්‍රී ලංකා කොඩිය යෙදූ පාපිස්නා ගැන රජය චීනයටත් කියයි – නිෂ්පාදකයා ගැනත් සොයයි

අසංක

අසංක

ශ්‍රී ලංකාවේ ජාතික ධජය ඇතුළත් කර නිපදවන ලද පාපිස්නාවක් චීන සමාගමක් මඟින් ඇමසොන් අන්තර්ජාල වෙළෙඳ වෙබ් අඩවියට විකිණීමට තැබීම පිළිබඳව ශ්‍රි ලංකා රජය චීන තානාපති කාර්යාලයේ අවධානය යොමු කර තිබේ.

මෙම දැන්වීම පළ කළ චීනයේ අදාළ නිෂ්පාදකවරයා සම්බන්ධ කරගන්නා ලෙසට බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොලඹගේ මහතා විසින් දැනුම් දී තිබේ.

“Sri Lanka Flag Non-Slip Doormat” ලෙසින් අන්තර්ජාලය මගින් මිලදී ගැනීමට ඇමසෝන් ඔන්ලයින් සාප්පුව තුළ මෙම පාපිස්නාව අලෙවියට තැබූ වෙළද පචාරණ වෙබ් අඩවිය සමග මෙම කාරණය පිළිබඳ පසු විපරමක් සිදු කරන ලෙසට වොෂිංටන් ඩී.සී. හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ද උපදෙස් දී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇත.

ලෝක ප්‍රකට Amazon ඔන්ලයින් වෙළෙද සාප්පුව ශ්‍රී ලංකාවේ ජාතික ධජය යොදා නිර්මාණය කල පාපිසි සහ ⁣සෙරප්පු කුට්ටම් අලෙවිය සඳහා තම සමාගමේ Amazon.com වෙබ් අඩවයේ පළ කර තිබෙන ඡායාරූප, දැන්වීම් සමාජ ජාල ඔස්සේ මෙරට ජනතාවගේ විවේචනයට ලක්ව ඇත.

පාපිස්සක මිල අමෙරිකානු ⁣ඩොලර් 12 ක් (රු.2358.54) ලෙස Amazon.com වෙබ් පිටුවේ දක්වා තිබෙන අතර සෙරප්පු කුට්ටමක් අමෙරිකානු ඩොලර් 18.59(රු.3653.73) ලෙස මිල කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්