නවතම පුවත්

දකුණු ආසියාවේ මුල්ම ඩිස්නිලන්තය ලංකාවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවට ඩිස්නිලන්තයක් ගෙන ඒම සඳහා සාකච්ඡා ආරම්භ කර තිබෙන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි. පසුගිය දා පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ඇය මේ බව අනාවරණය කර සිටියාය.

“ඉදිරියට මගේ බලාපොරොත්තු තියෙනවා. ඩොලර් සෑහෙන්න ප්‍රමාණයක ආයෝජකයෝ මාත් එක්ක දැනට කතා කරලා තියෙනවා ලංකාවට එන්න. මේ රටේ විශාල වැඩ කොටසක් කරන්න. ඇත්ත වශයෙන්ම මම මේ වෙලාවේ කියන්න ඔ්නේ, මාත් එක්ක කතා කරලා තියෙනවා, ලංකාවට ඩිස්නිලෑන්ඩ් එක ගේන්න. ඩිස්නිලෑන්ඩ් එක කරපු ඒ කරන කට්ටිය මාත් එක්ක කතා කරලා තියෙනවා. ඒගොල්ලෝ ලංකාවට ඩිස්නි ලෑන්ඩ් එක ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙන් අපිට විශාල සංචාරකයෝ කොටසක් ලංකාවට ගෙන්න ගන්න පුළුවන්.”

මේ අතර මාධ්‍ය වාර්තා කිහිපයක්ම සඳහන් කර සිටියේ හම්බන්තොට ප්‍රදේශයේ මෙ ඩිස්නිලන්තය ඉදිකෙරෙනු ඇති බවයි.

එසේ වුවහොත් එය දකුණු ආසියාවේ පළමු වැනි ඩිස්නිලන්තය බවට පත්වනු ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්