නවතම පුවත්

දකුණු ආසියාව තුළ සෑම තත්පරයකම කොවිඩ් ආසාදිතයන් 3ක් – විනාඩියක් පාසා මරණ 3ක්

covid
අසංක

අසංක

සෑම තත්පරයකටම නව කොඩිඩ් ආසාදිතයින් තුන් දෙනෙකුට වඩා වාර්තා වන දකුණු ආසියාවේ වත්මන් මාරාන්තික කොවිඩ්-19 රැල්ලෙන් ජීවිත බේරාගැනීම සඳහා සහායවීම සදහා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් ජාත්‍යන්තරයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 164 ක හදිසි ආධාර ඉල්ලා තිබේ.

සෑම විනාඩියකම පුද්ගලයින් 3 දෙදෙනෙකුට වැඩි සංඛ්‍යාවක් මෙම කලාපය තුළ කොවිඩ් -19 නිසා මරණයට පත්වේ.

ඔක්සිජන් සහ රෝග පරීක්ෂණ කට්ටල සැපයුම්, වෛද්‍ය උපකරණ, පෞද්ගලික ආරක්ෂණ කට්ටල සහ ආසාදනයවීම වැළැක්වීම හා පාලනය කිරීමට අවශ්‍ය ආධාරක මිළදීගැනීම සඳහා මෙම ආධාර අපේක්ෂා කරයි.

ලෝකයේ දෛනිකව හඳුනාගන්නා නව ආසාදිතයින්ගෙන් අඩක් පමණ බිලියන 2 ජනතාවක් වාසය කරන මෙම කළාපයෙන් වාර්තාවේ.

ඒ සමග කළාපයේ කොවිඩ් මරණ කැපිපෙනෙන අන්දමින් ඉහළයමින් පවති.

වසංගතයේ පළමු රැල්ලේදී සෞඛ්‍ය සේවාවන්ට ඇතිවූ බරපතළ අහිතරකර බලපෑම් හමුවේ දකුණු ආසියාව පුරා ආසන්න වශයෙන් ළමුන් 228000 ක් සහ මව්වරුන් 11000 ක් මරණයට පත්විණි.

අපි දැන් මුහුණදී සිටින්නේ පළමුවර සිදුවූ ප්‍රමාණයට වඩා සිව් ගුණයකින් වැඩි දරුණු තත්වයකටයි. ළමුන් සහ මව්වරුන්ගේ ජීවිත සුරැකීමට ඉමහත් දායකත්වයක් ලබාදෙන අතිශය වැදගත් සෞඛ්‍ය සත්කාර සේවාවන් අඛණ්ඩව පවත්වා ගනිමින් කොවිඩ් 19 වැළැක්වීමට සහ ප්‍රතිකාර කිරිමට අපි අපට සිදුකළ හැකි සෑම දෙයක්ම කළ යුතුයි, යනුවෙන් ලර්යෙයා අඩ්ජෙයි පැවසීය.

කොවිඩ්-19 වසංගතය නිසා මෙතෙක් සිදුවූ වැඩිම මරණ ගණන මැයි 18 වැනිදා ඉන්දියාවෙන් වාර්තාවු අතර එය 4529 ක් විය. අසල්වැසි නේපාලයේ කොඩිඩ් ආසාදිතවූවන් ලෙස හඳූනාගන්නනගේ ප්‍රතිශතය 47% ක් තරම් ඉහළ අනුපාතිකයක් වේ.

මේ අතර ශ්‍රී ලංකාව සහ මාලදිවයිනේ දෛනිකව කොවිඩ් ආසාදිතයින් සහ මරණ ඉහළයමින් තිබෙන අතර මාලදිවයිනේ අගනුවර රෝහල් ධාරිතාවය උපරිමයට ලගාවී තිබේ. බංග්ලාදේශය, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, භූතානය යන රටවලද මෙවැනිම දරාගත නොහැකි තත්වයන් ඇතිවීමට ඉඩතිබේ. මාලදිවයින සහ භූතානය හැරුණුකොට මෙම කළාපයේ අනෙකුත් සියලුම රටවල් කොවිඩ් 19 ට එරෙහිව එන්නත් ලබාදී ඇත්තේ පුද්ගලයින් 10 දෙනෙකුගෙන් එක් පුද්ගලයකුටත් අඩු ප්‍රමාණයකටය.

අතිශයින් වේගවත් පරිමාණයකින් පැතිරයන නව කොඩිඩ් රැල්ල රටවල්වල දැනට පවත්නා ජීවිත බේරාගැනීමේ ප්‍රතිකාර පහසුකම් අභිබවායමින් පවතිනවා යැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ දකුණු ආසියාව සඳහා වූ කළාපීය අධ්‍යක්ෂ ජෝර්ජ් ලාර්යෙයා අඩ්ජෙයි පැවසීය.

රෝහල්වලට දරාගැනීමට නොහැකි තත්වයක් ඇතිවි තිබෙන අතර ඔක්සිජන් සහ අනෙකුත් අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් හිගයක් සමගින් දුර්වලවී තිබෙන සෞඛ්‍ය පද්ධතිය බිඳවැටීමේ අවදානමක් ඇතිවී තිබේ.

මෙම අරමුදල් පහත සඳහන් කරුණු සඳහා අවශ්‍ය වන බවට එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පවසයි.

■ රෝහල් සඳහා අදාළ ස්ථානයේදීම ඔක්සිජන් නිෂ්පාදනය කළ හැකි යන්ත්‍රාගාර, පහසුවෙන් ගෙන යා හැකි ඔක්සිජන් සාන්ද්‍රකරණ උපකරණ සහ සිලින්ඩර සඳහා ඇ.එ. ජ ඩොලර් මිලියන 32 ක්
■ පීසීආර් යන්ත්‍ර ඇතුලු වෛද්‍ය සහ රෝග විනිශ්චය කිරීමේ උපකරණ මිළදී ගැනීම සඳහා ඇ. එ. ජ ඩොලර් මිලියන 40 ක්
■ සෞඛ්‍ය සහ අනෙකුත් ඉදිරිපෙළ කාර්යයමණ්ඩලවල ආරක්ෂාව සහතික කිරීමට අවශ්‍ය මුහුණු ආවරණ, මුහුණු වැසුම්, අත්වැසුම්, ආරක්ෂක කබා, වයිසර් මිළදී ගැනීම සඳහා ඇ.එ. ජ ඩොලර් මිලියන 60 ක්
■ අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සත්කාර සේවාවන් සුරක්ෂිතව ලබාදීම සඳහා අත් සේදීමේ පහසුකම්, සනීපාරක්ෂක දියර, විෂබීජහරණ උපකරණ, පිරිසිදු කිරීමේ යන්ත්‍ර සහ ස්වස්ථතාවය සුරැකීම සඳහා අවශ්‍ය යන්ත්‍ර මිළදී ගැනීම සඳහා ඇ. එ. ජ ඩොලර් මිලියන 28 ක්
■ චිකිත්සක සහ වෛද්‍ය සැපයුම් ඇතුලුව පෝෂණ සහ පාරිභෝජන ද්‍රව්‍ය මිළදී ගැනීම සඳහා ඇ.එ. ජ ඩොලර් මිලියන 3.7 ක්

අතිශයින් වැදගත් සෞඛ්‍ය සැපයුම්සේවා සම්පාදනය මගින් ජීවිත සුරැකීම පමණක් නොව දකුණු ආසියාව පුරා ශක්තිමත් සෞඛ්‍ය සේවා පද්ධති ගොඩනැංවීමටත් එමගින් වසංගතයේ නව තත්වයන් අනාගතයේ ඇතිවීමට පෙර වළත්වා ගැනීමටත් හැකිවනු ඇත. මෙයට අමතරව මෙම සැපයුම් මගින් කාන්තාවන් සහ ළමුන් සඳහා සෞඛ්‍ය සත්කාර සේවාවන් ශක්තිමත් කිරීමටත් උපකාර වනු ඇත. ඔක්සිජන් චිකිත්සාවන් ලබාගැනීමට පහසුකම් වැඩිදියුණු කිරීම තුළින් කළාපයේ දක්නට ලැබෙන ළමාවියේ ඇතිවන නිව්මෝනියා රෝග තත්වයන්ට එරෙහිව සටන් කිරිමටත් කොඩිඩ් 19 වෛරසය හඳුනාගන්නා පීසීආර් පරීක්ෂණ යන්ත්‍ර උපයෝගී කරගෙන ක්ෂය රෝගය, ඒඩ්ස් , ලිංගාශ්‍රිතරෝග සහ බැක්ටීරියා ආසාදන වැනි රෝග පරීක්ෂාකර හඳුනාගැනීමට හැකිවනු ඇත.

දකුණු ආසියානු කළාපයේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන වසංගත තත්වය මගින් කොවිඩ් 19 වසංගතය මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ලෝක මට්ටමේන් ලබාගෙන තිබෙන ප්‍රගතියට තර්ජනයක් ඇතිකරනු ලබන අතර අතිශයින් අභියෝගාත්මක තත්වයන් හමුවේ ළමා සහ මාතෘ ජීවිත සුරැකීම පිලිබඳව එම අරමුදල ලබාගෙන තිබෙන ජයග්‍රහන පසුබෑමට පත්කරනවා යනුවෙන් අඩ්ජෙයි පැවසීය . මෙම තත්වය ඇතිවීම වැළැක්වීම සඳහා සහාය ඉල්ලා සිටින බව ද ඇය අවධාරණය කරයි.

කොවිඩ් -16 වසංගතය හමුවේ ජීවිත සුරැකීමට අවශ්‍ය සැපයුම් ලබාදීමට අමතරව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල දකුණු ආසියාවේ පවත්වාගෙන යනු ලබන සේවාවන්ට පහත සඳහන් ඒවාද ඇතුළත්ය.

■ ආසාදනයවීම වැලැක්වීම සහ එන්නත්කරණය පිළිබඳව විශ්වාසය ගොඩනැවීම සඳහා පවුල්වලට තොරතුරු සහ සම්පත් ලබාදීම
■ පිරිසිදු ජලය හා සනීපාරක්ෂක සේවාවන් ලබාගැනීම් හැකියාව ඉහළ නැංවීම
■ වඩාත් අවදානමට ලක්වී තිබෙන පවුල්වලට මුදලින් සහාය ලබාදීම
■ රජය සහ පෞද්ගලික අංශය සම්බන්ධකරගනිමින් ළමුන්ට අඛණ්ඩව ඉගෙන ගැනීමට සහාය ලබාදීම සහ
■ වංසගතයෙන් සෘජුවම බලපැමට ලක්වූ ළමුන්ට සහ යෞවනයින්ට මානසික සෞඛ්‍ය සේවා සහ ආරක්ෂාව ලබාදීම

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (unicef) යනු,

ලෝකයේ ඉතාමත්ම අඩුපහසුකම් හා වරප්‍රසාද අවමවීමෙන් පීඩාවට පත්වී සිටින ළමුන් වෙනුවෙන් ලෝකයේ අතිශයින්ම දුෂ්කර ස්ථානයන් හි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල තම සේවාවන් සපයනු ලබයි.

රටවල් සහ භූමි ප්‍රදේශ 190 වඩා වැඩි ගණනක සියලුම ස්ථානයන්හි සිටින සියලුම ළමුන්ට වඩාත් හොඳ ලෝකයක් බිහි කිරීම සඳහා අපි ක්‍රියාකරන්නෙමු.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ දකුණු ආසියාව සඳහාවූ කළාපීය කාර්යාලය ඇෆ්ගනිස්තානය, බංග්ලාදේහය, භූතානය, ඉන්දියාව, මාලදිවයින නේපාලය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවල කාර්යාල සමග ළමුන්ගේ ජීවිත සුරැකීම, ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා සඳහා ක්‍රියාකරනු ලබයි.

දකුණු ආසියාවේ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් ළමුන් සඳහා සිදුකරනු ලබන කාර්යයන් පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහා www.unicef.org/rosa හරහා හෝ twitter – @UNICEFROSA සහ Facebook – UNICEF South Asia සමග සම්බන්ධවන්න

වැඩිදුර තොරතුරු සඳහා Eliane Luthi, UNICEF South Asia, + 977 9801030076 [email protected] අමතා ලබාගත හැකිය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්