දකුණු කොරියාව පාසල් විවෘත කිරීමට සැරසෙයි

Picture of අසංක

අසංක

 

දකුණු කොරියාව ලබන 13 දා සිට එරට පාසල් විවෘත කිරීමට තීරණය කර ඇත.

කෙසේ වෙතත් එකවර සියලු පන්ති විවෘත නොකිරීමට එරට අධ්‍යාපන අමාත්‍යාංශය වග බලාගෙන ඇති අතර ඒ අනුව . ලබන ජූනි 1 වැනිදා දක්වා අදියර කිහිපයක් යටතේ පාසල් විවෘත කිරීමට සැලසුම් කර ඇත

දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද රැසක් පාසල් තුල ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමටද එරට අධ්‍යාපන අමාත්යංශය කටයුතු යොදා ඇත.

දකුණු කොරියාව මෙලෙස පාසල් විවෘත කිරීමට මතරව ලබන බදාදා සිට සමාජ දුරස්ථභාවයට අදාළ සීමා රැසක්ම ලිහිල් කිරීමට තීරණය කර ඇත.

නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ කල්දැමුණු බේස්බෝල් සහ පාපන්දු ඇතුළු වෘත්තීය ක්‍රීඩාවල නව තරගවාරය මේ සතියේදී ආරම්භ වීමට නියමිතය. එහෙත් ප්‍රේක්ෂයන් සඳහා මෙම තරග විවෘත නොකිරීමට බලධාරීහු තීරණය කර ඇත.