නවතම පුවත්

කොරෝනා නිසා බ්‍රිතාන්‍යයන් දුම්පානයෙන් ඉවතට

අසංක

අසංක

කොරෝනා වසංගත සමය තුල බ්‍රිතාන්‍යයේ ලක්‍ෂ තුනකට අධික පිරිසක් දුම්පානයෙන් ඉවත්ව ඇති බව එරට ” ද ගාර්ඩියන් ” (The Guardian ) පුවත්පත අනුමාන කර සිටී .

දුම්පානය කරන්නන්ට කොරෝනා වෛරස රෝගය වැළඳීමේ වැඩි ඉඩක් ඇති බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කිරීමත් සමග මෙසේ එරට විශාල පිරිසක් දුම්පානය අත්හැර ඇති බවද එම පුවත් පත , නවතම සමීක්ෂණ වාර්තාවක් හරහා පෙන්වාදී ඇත.

මීට අමතරව තවත් දෙලක්‍ෂ පනස්දහසකට අධික පිරිසක් දුම්පානය බොහෝ දුරට සීමා කර ඇති බවත් ” සෞඛ්‍ය හා දුම්පානය පිලිබඳ ක්‍රියාන්විතය” (ash ) නම් සංවිධානය කල මෙම සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත.

එම සමීක්ෂණයට අනුව එරට දුම්බොන්නන්ගෙන් සියයට දෙකකට අධික පිරිසක් මෙසේ සම්පූර්ණයෙන්ම ඉන් ඉවත්ව ඇති අතර තවත් සියයට 27 ක් ඉන් ඉවත්වීමට සූදානම් වෙමින් සිටී .

එසේම තවත් සියයට අටක පමණ පිරිසක් දුම්පානයෙන් ඉවත්වීමට උත්සාහ කරමින් සිටින අතර තවත් සියයට 36ක් එය සීමා කර ඇත.

දුම්පානයෙන් ඉවත්වීමේ මෙම නව ප්‍රවනතාවය ඉතා සුභ පෙරනිමිත්තක් වන බව බ්‍රිතාන්‍යයේ ඉම්පීරියල් විද්‍යායතනයේ වෛද්‍ය නික් හොප්කින්සන් මහතා පුවත්පතට සඳහන් කර ඇත.

දුම්පානයෙන් ඉවත්වීම කොරෝනා වසංගතයෙන් ආරක්ෂාවීමට පමණක් නොව සමස්ථයක් ලෙස මිනිසාගේ සෞඛ්‍යාරක්ශාවට ඉතා වැදගත් බවද ඔහු සඳහන් කර ඇත .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්