හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතාව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය හමුවට කැදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේය.
ඒ හෙට දිනයේ පෙරවරු 9.00ටපෙනී සිටින ලෙස දැනුම්දීමක් කරමිනි.
පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරන විමර්ශනයන්ට අදාලව මෙසේ හිටපු නීතිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ඔහුව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය හමුවට කැදවීමට පියවර ගත්බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.