නවතම පුවත්

දඹුල්ලේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් පිපිරීම් කළ කල්ලි‌යට සම්බන්ධ බව ‌හෙළිවේ

අසංක

අසංක

දම්පත් රණසිංහ

දඹුල්ල ප්‍රදේශයේදී ඊ‌ෙයේ රාත්‍රි සැකපිට අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් ‌දෙදෙනා පාස්කු ඉරිදා දිනයේ සිදුවූ ‌ෙබෝම්බ ප්‍රහාර සිදුකළ කණ්ඩායම සමග ඍජු සම්බන්ධතා පැවැත්වූ අය බවට සනාථ වී තිබේ.

මෙම සැකකරුවන් වනාතවිල්ලුවේ පිහිටි ‌ගොවිපලකදී ‌බෝම්බ ඇටවීම සම්බන්ධයෙන් පුහුණුව ලැබූ අය බව ‌පොලිස් විමර්ශනවලදී ‌හෙළිවී ඇත.

මාවනැල්ල ප්‍රදේශයේ පසුගිය කාලයේ වූ අර්බුදකාරී සිදුවීම්වලට ද ‌මොවුන් සම්බන්ධ බවට අනාවරණය වි තිබේ.

‌ඊ‌ෙයේ ඇතිවූ පිපිරීම්වලින් පසුව ‌සැකකරුවන් ‌දෙදෙනා මඩකළපුව බලා මගී බසයක නැගී ‌ගොස් ඇත.

ඊ‌ෙයේ පස්වරුවේ පැනවූ ඇදිරි නීතිය ‌හේතුවෙන් දඹුල්ල ප්‍රදේශයෙන් ඒහාට ගමන් කිරීමට බස් රථ ධාවනය ‌නොවීම නිසා ‌මොවුන් නවාතැන් ගැනීමට දඹුල්ල ප්‍රදේශයේ ලැගුම් ස්ථාන පිළිබද ‌සොයා බලා තිබේ.

ඒලෙස ‌සොයමින් සිටියදී ඒහි ජනතාවට ඇතිවූ සැකයක් මත ‌මොවුන් පිළිබද ‌පොලීසියට දැනුම් දීමෙන් පසුව අත්අඩංගුවට ‌ගෙන ඇත

ප්‍රශ්න කිරීමෙන් පසුව ‌සෙසු ‌තොරතුරු අනාවරණය වී ඇති අතර වැඩිදුර විමර්ශනය සදහා සැකකරුවන් ‌දෙදෙනා අපරාධ පරීක්ෂණ ‌දෙපාර්තමේන්තුවට ඊ‌ෙයේ රාත්‍රියේම භාරදී තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්