දඹුල්ලේ එළවලු මිල පහත වැටේ

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඉකුත් සතියේ ඉහළ ගිය එළවළු තොග මිල ගණන් අද උදෑසන පහත වැටී ඇත .

මෙලෙස එළවළු මිල ගණන් පහත වැටීම සහ ඒවා අලෙවි නොවීමට ප්‍රධාන හේතු වී ඇත්තේ එළවළු මිලදී ගැනීමට වෙළෙන්දන් නොපැමිණීමය.

ඊට බලපා ඇත්තේ ඩීසල් හිගය බව ද ගොවීන් පවසන අතර . ඉකුත් සතියේ සෑම එළවළු කිලෝවකම තොග මිල රුපියල් 200 ඉක්මවා පැවති බව වාර්තාවේ ,

ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන ලබා ගැනීම සදහා අද දිනයේද ජනතාව දිගු පෝලිම්වල රැදී සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.