නවතම පුවත්

වසර 100ක් පැරණි රත්නපුර හෝරා ස්ථම්භයේ සංරක්‍ෂණ කටයුතු ඇරඹේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මධ්‍යම සංස්කෘතික අරමුදලේ රත්නපුර ව්‍යාපෘතියේ යෝජනාවලිය අනු රත්නපුර මහ නගරාධිපති දේශබන්ධු ඒ.එම්.ටී.එච්. අත්තනායක මහතාගේ මෙයෙහවීමෙන් සහ රත්නපුර මහ නගර සභාවේ මූල්‍ය දායකත්වයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ , පසුගිය (17 ) දිනට වසර 100ක් සපිරූ , රත්නපුර හෝරා ස්ථම්භය සංරක්ෂණ කටයුතු එදින සුභ මොහොතින් ආරම්භ කෙරින

මෙම කාර්යය සඳහා ශ්‍රම දායකත්වය සහ උපදේශකත්වය මධ්‍යම සංස්කෘතික අරමුදල රත්නපුර ව්‍යාපෘතිය මගින් සිදු කෙරින
ක්‍රි.ව. 2022 මාර්තු 17 දින වනවිට වසර 100 සම්පූර්ණ කල මෙම ඓතිහාසික ඔරලෝසු කණුව කාලයත් සමග විවිධ විපර්යාසයන්ට බඳුන් වී ඇති බැව් එදෙස නිරීක්ෂණාත්මකව බැලීමේ දී තහවුරු වේ. එබැවින් මේ දක්වා ඉතිරිව ඇති පැරණි සැළසුමට අනුව රත්නපුර මහ නගර සභාව විසින් අවශ්‍ය සම්පූර්ණ ද්‍රව්‍ය ලබාදීමේ පදනම යටතේ ද, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයෙන්, මධ්‍යම සංස්කෘතික අරමුදලේ රත්නපුර ව්‍යාපෘතිය මගින් සංරක්ෂණය සහ නඩත්තුකර පවත්වා ගනිමින් නැවතත් පෙර තත්ත්වයට ම මේ ස්මාරකය ගෙන ඒම අරමුණ යි

ජර්මනිය විසින් ක්‍රි.ව. 1914 ආරම්භ කර ක්‍රි.ව. 1918 දක්වා ඇදීගිය යුද්ධය පළමු ලෝක මහා සංග්‍රාමය වශයෙන් හැඳින්වේ. එවකට බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ ලංකාවෙන් ද ප්‍රතිවිරුද්ධ මිත්‍ර පාක්ෂික හමුදාව සඳහා එංගලන්ත ජාතිකයින් සහභාගි විය. මේ සඳහා රත්නපුර දිස්ත්‍රික්කයෙන් සුදු ජාතිකයින් 93 දෙනෙකු සහභාගී වූ අතර ඉන් විසි දෙදෙනෙකු මරණයට පත්විය. රත්නපුර ඔරලෝසු කණුව යනු ඔවුන් සිහිකරනු වස් යුධ අනුස්මරණ කමිටුව (War Memorial Committee) ඉදිකරනු ලැබූ ස්මාරකයකි. එහිදී හොඳම සැළසුම තේරීම පිණිස පැවති තරඟයෙන් බෙල් – කොට් නමැති ආයතනය ඉදිරිපත් කළ සැළසුම ද ලන්ඩනයේ ටයිම්ස් සප්ලයි ඒජන්සි ආයතනයෙන් ඉදිරිපත් කළ පවුම් 287 වටිනා ඔරලෝසුව ද අනුමත වී ඇත. රු. 11,000 සම්පූර්ණ වියදමකින් යුක්තව එච්.ඩබ්ලිව්. කොඩ්රින්ටන් දිසාපතිවරයා ගේ කාල සමයේ දී එනම් ක්‍රි. ව. 1922 මාර්තු මස 17 දින මෙම හෝරා ස්ථම්භය විවෘතකර ඇත.
අඩි 51 ක සම්පූර්ණ උසකින් යුක්ත ඔරලෝසු කණුවේ උපරිභාගය වර්තමානයේ දක්නට ලැබෙනුයේ බෞද්ධ වාස්තු විද්‍යාත්මක ස්වරූපයකින් ය. එනම් මධ්‍යයේ සිව් දිශාවේම වෘත්තාකාර නෙඑම් මලක් සහිත සතරැස්ව කළ ආකෘතියක් දැකිය හැකි අතර ඒ මත චෛත්‍යයක කොත් කැරැල්ල මෙන් ඉහළ නැගි කොටසකි. ඇතුළත හිස් සතරැස්ව සිව් දිශාවේම තනා ඇති කොටස් මත ද මෙවැනිම කුඩා කොත් කැරළි දක්නට ලැබේ. දැනට පවත්නා මෙම ඉහළ කොටස නිර්මාණය කර ඇත්තේ 1990 දශකයේ මහින්ද රත්නතිලක මහතා නගරාධිපතිව සිටි කාලයේ දී ය.

එහෙත් 1980 දශකයේ ඔරලෝසු කණුවේ උපරිභාගය තිබී ඇත්තේ ඊට ද මදක් වෙනස‍් ආකාරයට බැව් එකල ලබාගනු ලැබූ ඡායාරූප අධ්‍යයනය කිරීමෙන් අවබෝධ කරගත හැකිය. එනම් එවකට සිව්කොණේ ම ඇති සතරැස් ඉදිකිරීම් වෙනුවට තිබී ඇත්තේ කළගෙඩි ආකාරයෙන් කළ කොත් සතරකි. පසුව ඒවා ගැළවීමෙන් අනතුරුව අද වනවිට හෝරා ස්ථම්භය ඇතුළත බිම් මහලේ තබා තිබෙනු දැකගත හැකිය
අතීතයේ මුදුනත තිබී ඇත්තේ ඉංග්‍රීසීන්ට අනුගත වූ ගොතික් වාස්තු විද්‍යාත්මක ශිල්ප ක්‍රමයට අනුගත වූ උපරිභාගයක් බැව් පැරණි සැලැසුමෙන් මෙන්ම ඡායාරූපවලින් ද හඳුනාගත හැකිය. මුදුනත සතර දිශාවේ ම කපරාරු නොකළ මනාව නිමවූ ගඩොලින් යුක්ත කෝණාකාර හැඩයක් සහිත ගඩොලින් කළ කෙටි බැම්මක් තිබී ඇත. එහි මධ්‍යයේ පිරමීඩයක හැඩයට කළ කේතුකාකාර කොටස දැව පරාලයන්ගෙන් නිර්මාණයකර තඹ ඇණවලින් රැඳවූ උඩරට සම්ප්‍රදායේ පෙති උඑ සෙවිලිකර තිබී ඇත. මුදුනේ ම දැව කොතක් මත රැඳවූ අකුණු සන්නායකයකි. මෙම මුල්ම සැළසුමට අනුව ඔරලෝසු කණුවේ උපරිභාගය සැකසීම අතිශය වැදගත් වේ.

මෙම අවස්ථාව සඳහා නාගරික කොමසාරිස් වී. අරුණ ප්‍රේමරත්න මහතා, රත්නපුර නගරාධිපතිතුමාගේ පුද්ගලික ලේකම් රංජිත් ඉලේපෙරුම මහතා, මධ්‍යම සංස්කෘතික අරමුදලේ රත්නපුර ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමනාකාරතුමිය ඒ.ජී. දයාවතී මහත්මිය, වැඩබිම් භාර නිලධාරී ආර්. ජනක පුෂ්පකුමාර මහතා (පුරාවිද්‍යා නිලධාරී III ) එම්අ.ඩී. සංක සංජීව මඩපාත මහතා(පුරාවිද්‍යා නිලධාරී II) පී.එම්.ඊ.ඒ. ගීතාංජලී මුහන්දිරම් මෙනවිය (පුරාවිද්‍යා නිලධාරී III) විදූෂ ශ්‍යාමාල් හේමසිංහ මහතා (සැලසුම් ශිල්පී) සහ රත්නපුර ව්‍යාපෘති කාර්යමණ්ඩලයේ අකිල ප්‍රසාද් ජයසුන්දර මහතා, ඩබ්. එස්. එස් වීරතුංග මහත්මිය, ආසිරි උදය ගුණතිලක මහතා ඇතුළු පිරිස මහභාගි විය.

DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!