අමෙරිකාවේ ජෝර්ජියාහි දී කැලෑබද ප්‍රදේශයකට සැහැල්ලු ගුවන් යානයක් කඩාවැටීමෙන් එකම පවුලේ සාමාජිකයින් පස්දෙනෙකු මියගොස් තිබේ.
පෞද්ගලික ගුවන් යානයකින් ෆ්ලොරිඩා සිට ඉන්දියානා ප්‍රාන්තයේ අවමංගල්‍යකට සහභාගී වීම සඳහා යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
මියගොස් ඇත්තේ යානයේ ගුවන් නියමුවා ඔහුගේ දරුවන් දෙදෙනා සහ මුනුබුරන් දෙදෙනායි.
මියගිය අය අතර සිටි නියමුවාගේ මුනුබුරන් දෙදෙනාගේ වයස අවුරුදු 6කි.
67 හැවිරිදි ලැරී රේ පෘයිට් මෙම යානයේ හිමිකරු මෙන්ම අනතුරට ලක්වන අවස්ථාවේ නියමුවා ලෙස කටයුතු කර ඇත.
ලැරී සිය පෞද්ගලික ගුවන් යානා බලපත්‍ර ලබා තිබුණේ 2016 දීය.