නවතම පුවත්

දරුවන්ගේ Online ප්‍රශ්නයට සති දෙකකින් විසදුම්  දෙන්න නාමල් සූදානම්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සන්නිවේදන පහසුකම් නොමැතිකමින් ගස් උඩ, ගල් උඩ නගින, වැව් තාවුල්ලට යන ගමේ දරුවන්ට එම දුෂ්කරතා මගහැරීම සඳහා සති දෙකක් ඇතුළත ග්‍රාමීය සන්නිවේදන පහසුකම් මධ්‍යස්ථාන පිහිටුවන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සහ ඩිජිටල් හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ (21) දින පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය.

පාසලක්, මහින්දෝදය විද්‍යාගාරයක්, නැණසලක්, ආගමික ස්ථානයක්, ප්‍රජා ශාලවක් හෝ පුස්තකාලයක් හෝ පෞද්ගලික අංශයේ ධානපතියෙක් මැදිහත්ව ලබාදෙන මධ්‍යස්ථානයක් තුළ පරිගණක හෝ ටැබ් උපරිම 10ක් සහිතව මෙම ග්‍රාමීය සන්නිවේදන පහසුකම් මධ්‍යස්ථානය පිහිටුවීමට නියමිතය.

අදාළ මධ්‍යස්ථාන ඔස්සේ උදෑසන සිට සවස්වනතුරු e-තක්සලාව හරහා අධ්‍යාපනය හැදෑරීමේ අවකාශය දරුවන්ට ලබාදෙන බව කියා සිටි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එම දරුවන්ගේ වැඩිදුර අධ්‍යාපනයට වියදම්වන දත්ත සඳහා වැයවන මුදල් රජය විසින් දරණ බව පැවසීය.

e-තක්සලාව මේ වනවිටත් සියයට සියයක් අන්තර්ජාල දත්ත ගාස්තුවලින් ඉවත්කර තිබෙන බව සඳහන් කළ අමාත්‍යවරයා, ලංකාවේ ඕනෑම තැනක සිටින දරුවෙකුට e-තක්සලාව ඔස්සේ කිසිම වියදමකින් තොරව නොමිලේ අධ්‍යාපනය ලැබීමේ හැකියාව ඇති බව පැවසීය.

ඒ අනුව පාසල් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සන්නිවේදන පහසුකම් සැපයීම සහ දුෂ්කරතා ඉවත්කිරීමේ කෙටි හා මධ්‍ය කාලීන සහ දිගු කාලීන වැඩපිළිවෙලක් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වේ.

වසර දෙකක් ඇතුළත රට පුරා සන්නිවේදන කුලුනු ලබාදීම යාවත්කාලීන කොට සියලුම සන්නිවේදන සැපයුම්කරුවන් සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව එකට එක්ව ඒකාබද්ධ ප්‍රවේශයකින් එක් ප්‍රතිඵලයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

යාවත්කාලීන නොකිරීම නිසා ඇතිව තිබෙන රික්තක වලට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ කුලුනු ඉදිකිරීමට පසුගිය කාල සීමාව තුළ දී එක් එක් සමාගම්වල අවශ්‍යතාවයට අනුව පමණක් අවසර ලබා දී ඇති නිසා බව අමාත්‍යවරයා හෙළි කළේය.

2021 ජුනි මාසයේ සිට වීඩියෝ කොම්පරන්ස් පහසුකම e-තක්සලාව හරහා නොමිලේ ලබා දෙන බව අනාවරණය කළ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය නැතිනම් ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම්  (LMS) ජුනි 25 වැනිදා සිට පාසල් 20කින් ආරම්භ කරන බව පැවසීය.

මීළඟ වසර 2ක ඇතුළත මෙරට පාසල් 10000කට වැඩි සංඛ්‍යාවක් 4G වලින් ආවරණය කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය මේ වනවිට කෙටුම්පත් කර ඇති බව ද අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙහි දී හෙළි කළේය.

“කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ වසර 2කට ආසන්න කාලයක් දරුවන්ට පාසල් අහිමිවෙලා තියෙනවා. පළමු රැල්ලේ සිට අද වෙනකොට මාස කිහිපයක් හැර දරුවන්ට පාසල් අධ්‍යාපනය හදාරන්න අපහසුවෙලා තියෙනවා.

ඉතිං මේ අනුව තව කොතරම් කාලයක් මේ විධියට ගමන් කරන්න වේවි ද යන්න ගැන කිසිවෙකුටත් තක්සේරු කරන්න බැහැ. ඒ අනුව තමයි ගරු අධ්‍යාපන අමාත්‍යතුමා සමඟ සාකච්ඡා කරලා, අධ්‍යාපන අමාත්‍යංශයත් ඩිජිටල් තාක්ෂණ අමාත්‍යංශයත් එක්ව අතිගරු ජනාධිපතිතුමාගෙත් අග්‍රාමාත්‍යතුමාගෙත් උපදෙස් පරිදි මේ රටේ නව සාමාන්‍යට අනුකූලව තීන්දු තීරණ ගන්නෙ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්