නවතම පුවත්

දරුවන් මෙහෙකාර සේවයේ සිටින නිවෙස් සොයා පරීක්ෂණ ඇරඹේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අඩු වයස් දරුවන් මෙහෙකාර සේවයේ යොදවා ඇති නිවාස සොයා පරීක්ෂණ ආරම්භ කිරීමට පියවර ගන්නා  බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
කොළඹ ප්‍රදේශයේ ඇතැම් ධනවත් නිවාසවල මෙහෙකාර සේවයට දරුවන් යොදවා ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් මේ අනුව මෙම පරීක්ෂණ කඩිනමින් ආරම්භ කිරීමට තීරණය කල බවත්  ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මාධ්‍ය වෙත පැවසීය

එහි සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා සඳහන් කළේ ඉදිරි දින කිහිපය තුළ මෙම  නිවාස පරීක්ෂාව ආරම්භ  කිරීමට පියවර ගන්නා බවය.

මෙහිදී වැඩිදුරටත් දහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය ,

“අපිට තොරතුරු ලැබෙනවා කොළඹ ප්‍රදේශයේ ධනවත් පවුල්වල නිවෙස්වල කුඩා දරුවන් මෙහෙකාර සේවයේ යොදව ගන්නා බවට. අප ඉදිරි දින කිහිපය තුළ බලාපොරොත්තු වෙනවා මෙවැනි නිවාස පරීක්ෂා කරන්න. එවැනි ළමයින් සිටිනවා නම් නිවැසියන් අත්අඩංගුවට ගන්න කටයුතු කරනවා. සම්බාහන මධ්‍යස්ථානවලත් දරුවන් යොදාගෙන මෙවැනි කටයුතු සිදුවෙන බවට තොරතුරු ලැබුණොත් අපි ක්ෂණිකව ක්‍රියාත්මක වෙනවා. මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සීමට ලක්ව මියගිය දැරියගේ පොලිස් විමර්ශන ක්‍රියාවලිය ගැන ළමා ආරක්ෂක අධිකාරිය එතරම්ම සතුටු වන්නේ නෑ. ඒ පිළිබඳව අපි පොලීසියට ලිඛිතව දන්වලා තියෙනවා.”

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්