ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙසට අභියෝග කළ ද ඊට තවමත් ප්‍රතිචාර ලැබී නැතැයි නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
“මම ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට විවාදයකට අභියෝග කර පැය 24 කට වැඩි කාලයක් ගත වී ඇත. ඔහු තවම ප්‍රතිචාර දක්වා නැත. ශ්‍රී ලංකාවේ ඡන්දදායකයින් තම අදහස් ආරක්ෂා කිරීමට බිය නොවන ජනාධිපතිවරයෙකුට ඡන්දය දීම සුදුසු ය. භීතිය හමුවේ පලායනවාට වඩා අභියෝගයන්ට මුහුණ දීමට ධෛර්යයක් ඇති ජනාධිපතිවරයෙකුට ඔවුන් ඡන්දය දීම වඩා සුදුසු වේ” යැයි සජිත් ප්‍රේමදාස මහතා සිය නිල සමාජ ජාල ගිණුම් ඔස්සේ පවසා ඇත.