දෛනිකව පැයක් හෝ පැය 02 කාලයක් විදුලි කප්පාදුවක් සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදුන් බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කර සිටී .
එම මණ්ඩලය කළ ඉල්ලීමක් අනුව එම අවසරය ලබාදුන් බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා මාධ්‍යට පවසා ඇත
දහවල් කාලයේ පැය 02 ක කාලයක් සහ සවස 06 සිට රාත්‍රී 09 දක්වා අධික ඉල්ලුමක් පවතින කාලය තුළ පැය භාගයක කාලයක් විදුලි සැපයුම අත්හිටුවීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් විදුලිය කප්පාදු කරන කාලවේලාවන් පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැත
මේ අතර ඩොලර් හිගය හේතුවෙන් ඉදිරියේදී ගල් අගුරු ආනයනය සීමාවීමේ දැඩි අවදානමක් පවතින බව ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවැසීය.
ඩොලර් හිගය සහ ණයවර ලිපි නිකුත් නොකිරීම නිසා ගල්අගුරු ආනයනයට බාධා පැමිණෙන බවද එසේ වුවහොත් නොරොච්චෝල බලාගාරයේ ජනන කටයුතු බිදවැටෙන බවද ඔහු කීවේය.