දවස් දහකදී , යුක්‍රේනයේ ලක්‍ෂ 12ක් අවතැන් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කරනු ලැබීමෙන් පසු මේ ගත වන්නේ 10වන දිනය වන අතර මේවනවිට  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්තවලට අනුව ගැටුම් හේතුවෙන් අවතැන්ව ඇති සංඛ්‍යාව ලක්ෂ 12කට අධිකවේ.

බොහෝ පිරිස් මේවන විට පෝලන්තය, හංගේරියාව ඇතුළු අසල්වැසි රටවල් 05කට පළා ගොස් තිබෙ. කෝටි ගණනක් වටිනා යුක්‍රේනයේ තිබූ සම්පත් ද මේ වන විට විනාශ වී අවසන්. ඒ අතරට යුක්‍රේනයේ සිහිනය හෙවත් ගුවනේ රජු ලෙස නම් කළ ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයද අයත්. යුරෝපයේ පිහිටි විශාලතම න්‍යෂ්ඨික බලාගාරයත් මේ වන විට රුසියාව සිය යටතට ගෙන තිබෙ

කෙසේවෙතත් යුක්‍රේනයේ බලාපොරොත්තුව බිඳ දමමින් නේටෝ සංවිධානය ඊයේ පැවසුවේ රුසියාව සමග යුද්ධයකට සම්බන්ධ නොවන බවයි. යුක්‍රේනය ඉල්ලා තිබුණේ යුක්රේන අහස මත පියාසර තහනම් කලාපයක් හෝ ප්‍රකාශයට පත් කරන ලෙසයි. එම ඉල්ලීමද නෙටෝ සංවිධානය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් යුක්‍රේන ජනාධිපතිවරයා නේටෝ සංවිධානය ප්‍රමුඛ බටහිර රටවල් යළි දැඩිව විවේචනය කර තිබෙ.

මේ අතර සැම්සුන් ඇතුළු ලෝකප්‍රකට සමාගම් මෙන්ම සිංගප්පූරුවද රුසියාවට සම්බාධක පනවා ඇති අතර ලෝක ඉන්ධන මිලද තවදුරටත් ඉහල යමින් පවති.