නවතම පුවත්

දශකයක් තුල අඩුම විදෙස් ප්‍රේෂණ 2022 දී !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

2022 දෙසැම්බර් මාසයේ දී ඩොලර් මිලියන 475.6 ක ප්‍රේෂණ ප්‍රමාණයක් විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මේ අනුව 2022 වර්ෂය තුළ ලැබී ඇති සමස්ත විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 3,789.5 ක් හෙවත් ඩොලර් බිලියන 3.78 ක් වේ. මෙය 2021 වසරේ ලද ඩොලර් මිලියන 5,491.5 ක් වූ සමස්ත විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයට වඩා 31% ක අඩුවීමකි.

2022 වසරේ දී ලද මෙම විදෙස් ප්‍රේෂණ අගය වසර 12කට පසු ශ්‍රී ලංකාව වාර්තා කළ අඩුම විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ද වේ. එනම් 2010 වසරේ දී ලද ඩොලර් බිලියන 4.1 ක ප්‍රේෂණ ප්‍රමාණයෙන් පසු එක් වසරක් තුළ වාර්තා වූ අඩුම ප්‍රේෂණ වටිනාකම මෙය යි.

2022 දෙසැම්බර් මාසයේ දී ලද ඩොලර් මිලියන 475.6ක් වූ විදෙස් ප්‍රේෂණ වටිනාකම 2021 ජූනි මාසයෙන් පසු එක් මාසයක් තුළ වාර්තා වී ඇති වැඩිම ප්‍රේෂණ අගය වේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා