නවතම පුවත්

දශක දෙකකට පසු වෙළඳ ශේෂය ‘ධන’ වෙයි!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

2022 වසරේ ජූනි මාසයේ දී, 2002 වසරේ අගෝස්තු මාසයෙන් පසු ප්‍රථම වරට වෙළඳ ගිණුමේ අතිරික්තයක් වාර්තා වූ අතර, ඒ සඳහා මෙතෙක් වාර්තා වූ ඉහළම මාසික අපනයන ඉපැයීම සහ ආනයන වියදමේ අඛණ්ඩ පහත වැටීම හේතු විය.

සංචාරක උපදේශන හා බැදුණු සෘණාත්මක බලපෑම් සහ ඉන්ධන හිඟය සහ එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රවාහන දුෂ්කරතා තිබියදීත්, සංචාරක ඉපැයීම් පෙර වසරේ පැවති පහළ පදනමේ සිට 2022 වසරේ ජූනි මාසයේදී (වාර්ෂික ලක්ෂමය පදනම මත) වැඩිවීමක් වාර්තා කර ඇත.

අවිධිමත් විදේශ විනිමය වෙළඳපොළ ක්‍රියාකාරකම්වල වැඩිවීමක් පිළිබිඹු කරමින්, 2022 වසරේ මැයි මාසයට සාපේක්ෂව, 2022 වසරේ ජූනි මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මන්දගාමී විය.

2022 වසරේ ජූනි මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ වෙත විදේශ ආයෝජනයන්හි සුළු ශුද්ධ ලැබීමක් වාර්තා කළ අතර, කොළඹ කොටස් වෙළඳපොළ වෙත විදේශ ආයෝජනයන්හි සුළු ශුද්ධ ගෙවීමක් වාර්තා විය.

අත්‍යවශ්‍ය ආනයන මූල්‍යකරණය සඳහා මහ බැංකුව විසින් විදේශ සංචිත අඛණ්ඩව භාවිතා කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස භාවිත කළ හැකි දළ නිල සංචිත ප්‍රමාණය අවම මට්ටමක පවතී.

මේ අතර, අන්තර් බැංකු වෙළඳපොළේ බර තැබූ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකය මාසය තුළ දී එ.ජ. ඩොලරයට රුපියල් 360ක මට්ටමක පැවතුණි.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!