දම්පත් රණසිංහ
පුලියන්කුලම පොලීසියේ නැදුන්කර්නි ප්රදේශයේ දී බැකෝ යන්ත්ර යොදාගෙන නිධන් වස්තු සොයමින් සිටි 4 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
බුදුපිළිම, පහන් කොටස් ආදිය මෙම ස්ථානයේ තිබී හමුවී ඇත.
මඩකළපුවේ පදිංචිකරුවන් පිරිසක් විසින් මෙම නීතිවිරෝධී ක්රියාවේ යෙදී ඇතැයි පොලීසිය පැවැසීය.
මෙම ප්රදේශය පැරණි නටබුන් සහිත ප්රදේශයක් වන අතර හේමමාලා සහ දන්ත කුමරු දළදාව රැගෙන මෙම මාර්ගය ඔස්සේ පැමිණි බවට සැළකේ.
එබැවින් ඔවුන් දෙදෙනා විවේක ගත් ස්ථානවල වෙහෙර විහාර තැනූ බවට මතයක් පවතී.
එම වෙහෙර විහාරවලට අයත් නටබුන් කොටස් ගණනාවක් මෙලෙස හමුවී ඇතැයි පැවසේ.