ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කෙරෙන විශ්වාසභංග යෝජනාවට දෙමළ ජාතික සන්ධානයද සහය ලබාදීමට තීරණය කර ඇත.
එම සන්ධානයේ මන්ත්රීවරුන් ඊට අත්සන් තැබීම ආරම්භ කළ බව විපක්ෂයේ ප්රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
ලබන සඳුදා පැවැත්වීමට නියමිත සමගි ජන බලවේගයේ කණ්ඩායම් රැස්වීමේදී විශ්වාසභංග යෝජනාව සහ දෝෂාභියෝග යෝජනාව කතානායක වරයාට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගන්නා බව කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවසීය