නවතම පුවත්

ශ්‍රී ලංකන් ගුවන් සේවයත්, ශ්‍රේණිගත කිරීම්වලින් පහතට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම විසින් 2024 ජූනි මාසයේදී ඉදිරිපත් කළ ඇමරිකානු ඩොලර් මිලියන 175 ක රජයේ ඇපකර බැඳුම්කරවල ශ්‍රේණිගත කිරීම ෆිච් රේටිංග්ස් ආයාතනය විසින් ‘CC’ වෙතින් ‘C’ දක්වා පහත හෙලා ඇත.

ශ්‍රී ලංකා රජය විදේශ ණය ගෙවීම අත්හිටුවීමෙන් පසුව මෙම පියවර ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන ෆිච් රේටිංග්ස් ආයතනය පවසන්නේ බැඳුම්කරවල ශ්‍රේණිගත කිරීමේ ක්‍රියාව, ශ්‍රී ලංකාවේ දිගු කාලීනව විදේශ මුදල් නිකුත් කරන්නන්ගේ පෙරනිමි ශ්‍රේණිගත කිරීම ‘CC’ සිට ‘C’ දක්වා පහත හෙලීමෙන් පසුව සහ ජාත්‍යන්තර වෙළඳපොලේ නිකුත් කර ඇති විදේශ මුදල් බැඳුම්කර ‘CC’ වෙතින් ‘C’ දක්වා පහත හෙලීමෙන් පසුව ශ්‍රී ලංකන් ගුවන් සේවය සම්බන්ධයෙන් මෙලෙස තීරණය කිරීමට පෙළඹුණු බවයි.

ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ බැඳුම්කර වල ඇපකරය සම්බන්ධයෙන් දි තිබෙන සහතිකය මත පදනම්ව ශ්‍රී ලංකා රජයේ ෆිච් රේටිංග්ස් ආයතනයේ ශ්‍රේණිගත කිරීමේ මට්ටම හා සමාන මට්ටමක ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම ශ්‍රේණිගත කර ඇති බව ෆිච් රේටිංග්ස් ආයතන පැවසුවේය.

ශ්‍රීලංකන් ගුවන් සේවය බොහෝ දුරට දිගු දුර ගුවන් ගමන් කිහිපයක් සමඟ කලාපීය ගුවන් සේවයක් ලෙස ක්‍රියාත්මක වේ. 2021 දෙසැම්බර් වන විට, සමාගමට පිළිවෙලින් එයාර්බස් A330 සහ A320 පවුලේ පුළුල් හා පටු ලෙස වර්ග කර ඇති ගුවන් යානා සමූහයකින් සමන්විතය.

2019 දී කල් පිරුණු ඩොලර් මිලියන 175ක් වන බැඳුම් කර නිකුතුව පියාව ගැනීම සඳහා 2019 ජුනි මාසයේදී ශ්‍රීලංකන් එයාර් ලයින්ස් සමාගම ඩොලර් මිලියන 175 ක බැඳුම්කරයක් නිකුත් කිරීමට කටයුතු කර තිබුණි.

අදාළ බැඳුම්කර නිකුතුව රජය විසින් සම්පුර්ණයෙන්ම සහතික කරනු ලැබූ අතර ෆිච් රේටින්ග්ස් ආයතනය විසින් මෙම බැඳුම්කරයට ස්වෛරී ශ්‍රේණිගත කිරීම අනුව ‘B(EXP)’ යන තාවකාලික ශ්‍රේණිගත කිරීම ලබා දෙන ලදී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්