නවතම පුවත්

ද්විත්ව පුරවැසිභාවයට ‘ලොකු ඉල්ලුමක්’ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

2021 වසරේදී ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා පුද්ගලයින් 5401 දෙනෙකු ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ.

ඉන් වැඩි පිරිසක් ඔස්ට්‍රේලියාවේ වෙසෙන අය වන අතර එම සංඛ්‍යාව 1,621 ක් වන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එක්සත් රාජධානියෙන් 885 දෙනෙකු, අමෙරිකාවෙන් 795 දෙනෙකු, කැනඩාවෙන් 371 දෙනෙකු ඇතුළු ඉතාලිය, ස්විට්සර්ලන්තය, ස්වීඩනය, නවසීලන්තය, ප්‍රංශය හා ඩෙන්මාර්කය යන රටවලින් ද්විත්ව පුරවැසිභාවය සඳහා ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව අදාළ පිරිසට ද්විත්ව පුරවැසිභාවය ලබාදීමට එම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර 2021 වසරේදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් ගුවන් ගමන් බලපත්‍ර 382,560 ක් නිකුත් කර තිබේ.

ඒ අතර රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍ර 398 ක් වන අතර එය 2020 වර්ෂයට සාපේක්ෂව වැඩිවීමක් පෙන්නුම් කර ඇති බව සඳහන්ය.

ඒ අනුව 2020 වසරේදී ගුවන් ගමන් බලපත්‍ර 209,411 ක් නිකුත් කර ඇති අතර ඒ අතර රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍ර 175ක් වන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පැවසුවේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්