නවතම පුවත්

දැඩි සටනකින් පසු ශ්‍රී ලංකාව ජය ලබයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. ඒ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 35ක ජයක් වාර්තා කරමිනි.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 36.5කදී සියලු දෙනා දැවි ලකුණු 201ක් රැස්කළේය.

 කුසල් පෙරේරා ලකුණු 78ක් රැස්කිරිමට සමත්විය. දිමුත් ලකුණු 30ක් හා තිරිමාන්න ලකුණු 25ක් රැස්කළ අතර ඉතිරි පිතිකරුවන් කිසිවෙකුටත් ලකුණු 20 සීමාව ඉක්මවීමට නොහැකි විය. පළමු තරගයේදි මෙන්ම මෙම තරගයේදීත් කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා යන ක්‍රීඩකයෝ අසාර්ථක වූහ.

තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විම හේතුවෙන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දුවාර 41කදී ලකුණු 187ක ඉලක්කයක් හිමිවිය. කෙසේ වෙතත් ණුවන් ප්‍රදීප් 31/4, ලසිත් මාලිංග 39/3 පන්දුවෙන් දක්ෂතා දක්වමින් තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමිකර දුන්හ.

තරගයේ වීරයා ලෙස ණුවන් ප්‍රදිප් සම්මාන ලැබිය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්