නවතම පුවත්

දැනට පවතින සුළු ගංවතුරත් වැඩිවීමේ අවදානමක්

flood
අසංක

අසංක

ප්‍රදේශ කිහිපයකට දැනට පවතින සුළු ගංවතුර තත්ත්වය ඉදිරි පැය 24 ඉක්මවා තවදුරටත් වැඩි විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අගවා තිබේ.

එම ප්‍රදේශ වන්නේ අගලවත්ත, ඉංගිරිය, පාලින්ද නුවර, බුලත්සිංහල, දොඩංගොඩ, මිල්ලනිය, මදුරාවල හා කළුතර ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කළු ගඟ ආශ්‍රිතව දැනට සුළු ගංවතුරක් පවතින ප්‍රදේශ ය.

එම ප්‍රදේශ ආශ්‍රිතව සිටින ජනතාව සැලකිල්ලෙන් පසු වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

කළු ගහ ද්‍රෝණියේ මධ්‍යම සහ පහල ධාරා ප්‍රදේශවල බොහෝ ස්ථානවලට මේ වනවිට සාමානායෙන්‌ මි.මී.175 කට අධික වර්ෂාපතනයක්‌ ලැබී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම වර්ෂා තත්ත්වය සහ චාරිමාර්ග දෙපාර්තමේන්තූව මඟින්‌ කළු ගඟ ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපකවල ජල මට්ටම්‌ විශ්ලේෂණය අනුව ඉහත ප්‍රාදේශීය ලේකම්‌ කොට්ඨාශවලට අයත්‌ කළු ගහ නිම්නයේ පහත්බිම්‌ ප්‍රදේශවල දැනට පවතින සුළු ගංවතර තත්තවය තවදුරටත්‌ වර්ධනය වියහැකි බව දන්වා සිටී.

මේ තත්ත්වය මත ජීවිත හා දේපළ ආරක්ෂා කර ගැනීම පිණිස දැඩි සැලකිල්ලෙන්‌ කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයයි.

එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන්‌ සහ එම ප්‍රදේශ හරහා ගමන්‌ ගන්නා වාහන රියදුරන්ගෙන්‌ විශේෂයෙන් මේ බව ඉල්ලා සිටි බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව කියයි.

එම අවදානම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ අංශ වලින්‌ එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්