නවතම පුවත්

දැන් පොත්වල තියෙන්නේ කුරාණයේ දේවල් නෙවෙයි – මවුලවි මොහොමඩ් මුනාගර්

අසංක

අසංක

ශුද්ධ වූ කුරාණයේ විවිධාකාර සිංහල පරිවර්ථන ග්‍රන්ථ මේ වනවිට දක්නට ලැබෙන බවත් එම ග්‍රන්ථවල අන්තර්ගත කරුණු අතර යම් පරස්පරතා පවතින බවත් මොහොමඩ් මුනාගර් මව්ලවිතුමන් ප්‍රකාශ කර සිටී .

මෙම තත්වය නිවැරදි කර , කුරානයේ නිවැරදි සිංහල පරිවර්තනයක් ඉදිරිපත් කිරීමට කටයුතු ආරම්භ කල යුතුව ඇති බවත් පසුගියදා කොළඹ පැවැති සංවාදාත්මක හමුවකදී මවුලවිතුමන් අවධාරණය කර සිටියේය .

සිංහල මුස්ලිම් ජනකොටස් අතර මතුව ඇති වැරදි අවබෝධයන් නැති කිරීම සඳහා මුස්ලිම් ජනතාව එක් පියවරක් පිටුපසට ගැනීමට සූදානම් බවද මව්ලවිතුමන් මෙහිදී පැවසීය .

මුස්ලිම් ආගම සාමයට ලැදි ආගමක් වන බවත් , ඒ බව අන්‍යාගමිකයින් ඝාතනය කරන ලෙස කුරානයේ කිසිදු තැනක සඳහන් නොවන බවත් මෙහෙදී එතුමා සඳහන් කළේය .

ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය සහ ඉස්ලාම් අධ්‍යාපන කේන්ද්‍රයේ මෙහෙයවීමෙන් මෙම සංවාදාත්මක හමුව පැවැත්විණි.

සිංහල සහ මුස්ලිම් ජනතාව අතර අන්‍යොන්‍ය අවබෝධය වර්ධනය කිරීම සඳහා නිරන්තරයෙන් සාකච්ඡා සහ සංවාද පැවැත්විය යුතුව ඇතැයි මෙහිදී අදහස් දක්වූ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා පැවසීය ..

එසේම මුස්ලිම් ජනතාව ශ්‍රී ලාංකික මුස්ලිම් සංස්කෘතිය හා එහි අනන්‍යතාවය රැක ගැනීමට ක්‍රියාකළ යුතු බවද අධ්‍යක්ෂ ජනරාල් වරයා පැවසීය

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ නාලක කලුවැව මහතා; අප්‍රේල් 21 දා සිද්ධිය වාර්තා කිරීමේදී මෙරටේ සමහර ජනමාධ්‍ය හැසිරුණු ආකාරය අනුමත කළ නොහැකි බවත් පාස්කු පුහාරයෙන් පසු ඇතිවුණු සමාජ කම්පනය නිසා එම මාධ්‍ය වගකීම පැත්තකට දමා කටයුතු කළ බවත් පෙනී යන්නේ යැයි ද කීය.

වර්තමානයේ මේ රටේ තරුණ පිරිසෙන් 55% ක්ම තොරතුරු දැනගන්නේ සමාජ මාධ්‍ය මගිනුයි.එමනිසා සමාජ මාධ්‍ය ජනතාවට තොරතුරු සැපයීමේදී වඩාත් වගකීමෙන් ක්‍රියා කළ යුතු බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කළේය.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ඒරානන්ද හෙට්ටිආරච්චි මහතාද මෙහිදී අදහස් දක්වූ අතර , සියවස් ගණනාවක සිට මුස්ලිම් ජනතාව වෙළදාම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ රාජ්‍ය අනුග්‍රහයද සහිතව සිය වෙළදාම් කටයුතු කරගෙන ගිය නමුත් ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමේ අරමුණක් ඔවුන් තුළ කිසිදාක නොතිබූ බව එහිදී ඔහු සඳහන් කළේ ය.

එහෙත් පෘතුගීසින් ලන්දේසීන් සහ ඉංග්‍රීසින් ලංකාවට පැමිණියේ වෙළදාම් කිරීමේ මුවාවෙන් මෙරට ආක්‍රමණය කොට යටත් කර ගැනීම සදහා බවද ඒ මහතා පැවැසීය.

ශ්‍රි ලංකාවට 1948 දී නිදහස ලබාදෙන අවස්ථාවේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව අතර භේද ඇතිවන අන්දමින් බ්‍රිතාන්‍යයයන් කටයුතු කළ නමුත් ටී.බී ජයා වැනි මුස්ලිම් නායකයින් එම උගුලට හසු නොවූ බවද හෙට්ටිආරච්චි මහතා සදහන් කළේය.

ඉස්ලාම් අධ්‍යයන කේන්ද්‍රයේ සභාපති එම්.ඉට්ටියාස්,,ආසියානු මාධ්‍ය හා සංස්කෘතික කටයුතු සංගමයේ සභාපති උපුල් ජනක ජයසිංහ , එම සංගමයේ ප්‍රධාන ලේකම් පැතුම් වික්‍රමරත්න , යන මහත්වරුන් මෙන්ම මාධ්‍ය ආයතන රැසක ප්‍රධානීන් හා ජනමාධ්‍යවේදීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්