නවතම පුවත්

“දැන් රට තුළ ඇත්තේ කොවිඩ් සමාජ ව්‍යාප්තියක්” – වෛරසවේදය පිළිබඳ මහාචාර්ය, පා.මන්ත්‍රී තිස්ස විතාරණ

අසංක

අසංක

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට කොවිඩ්-19 සමාජ ව්‍යාප්තියක් ඇතැයි පැහැදිලිව පෙනෙන්නට තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛරසවේදය පිළිබඳ මහාචාර්ය, විශේෂඥ වෛද්‍ය තිස්ස විතාරණ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ කොවිඩ් මරණ යැයි හඳුන්වන නිවෙස් තුළ පුද්ගලයන් මියයාම් පිළිබඳ වෙනම පර්‍යේෂණයක් සිදුකළ යුතු බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛරස් රෝග පිළිබද විශේෂඥ කමිටුවේ ජේෂ්ඨ සමාජිකයෙක් ලෙස වසර 25ක් පමණ කටයුතු කළ ඔහු මෙරට වෛද්‍ය පර්‍යේෂණ ආයතනයේ පළමු මෙරට අධ්‍යක්ෂවරයා ද වෙයි.

ඔහු යූටියුබ් සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් මෙම කරුණු අවධාරණය කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජේෂ්ඨ මහාචාර්ය තිස්ස විතාරණ මහතා මෙසේ පැවසීය.

“අපි දැන් සිටින්නේ මේ වසංගතයේ තීරණාත්මක තැනක කියලා මට කියන්න පුළුවන්. අපේ මුල් අවධියේ මේ රෝගය පාලනය කරලා පොකුරු හරහා ව්‍යාප්ත වීම සීමා වෙලා තිබුන නිසා අවශ්‍ය වැඩපිළිවෙළ හරියට කරලා හොදට පාලනය වෙලා තිබුණා.

නමුත් මෑත දී හොඳටම පැහැදිලි වෙනවා සමාජය තුළ මේක පැතිර යන්න පටන් අරගෙන තිබෙනවා කියලා. යම් යම් සීමිත පොකුරු හැටියට නෙමේ විහිදිලා ගමන් කරන්න පටන් අරන් තිබෙනවා.

අපි ඕනවට වඩා බය වෙන්න අවශ්‍ය නැහැ. නමුත් අපි දැන් මේ වෙනසක් ඇතිවෙලා තියෙනවා කියලා තේරුම් අරගෙන, ආරක්ෂා විය යුතුයි.

මගේ මතය තමයි අපි දැන් ඉඳලම සමාජයට සම්බන්ධ කරගෙන මේ ඇතිවෙන තත්ත්වය පැහැදිලි කරලා දුන්නොත්, කෙටියෙන් කිව්වොතින් අපි ආශ්‍රය කරන ඕනෑම පුද්ගලයෙකුට තියෙන්න පුළුවන් කියලා හිතාගෙන කටයුතු කරන්න ඕනෑ. එතකොට තමන්ගේ ආරක්ෂාවට සෞඛ්‍ය පුරුදු තුනක් තමයි ක්‍රියාත්මක කරන්න තියෙන්නේ. පහසුවෙන් කරන්න පුළුවන් දෙයක්. එකක් මීටර් දෙකකට වඩාවත් දුරස්ථභාවයක් තියෙන්න ඕන. ඒ ගමන් මුව ආවරණය පැළඳගෙන ඉන්න. අපි කොහෙවත් ගිහිල්ලා මොන දෙයක් ඇල්ලුවත් පුරුද්දක් විදිහට හොඳට සබන් දා අත් හෝදන්න ඕනෑ.

අර පොකුරු හරහා ගෙනියන වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්නත් ඕනෑ හොඳ වැඩපිළිවෙළක් ඒක. ඒ තුළින් හුඟක් දුරට පාලනය කරන්න පුළුවන් නමුත් ඊට අමතරව විහිදිලා යන ගතිය තියෙන නිසා අපි හමුදා පොලිසිය අය සම්බන්ධ වෙලා කරන වැඩේට සීමා නොවී අපි ඉන් එහා ජනතාව මේ දැනුවත් කරලා හොඳ සෞඛ්‍ය අධ්‍යාපනයක් ලබා දීලා මේ රෝගය ගැන හරියට විස්තරය කියන්න ඕන.

මම හිතනවා වඩා හොඳයි මම නොවුනත් අර කොමිටිවල කවුරුහරි වෛරස විශේෂඥයෙක් හිටියනම් හොඳයි කියලා. අනිවාර්යෙන් සිටිය යුතුයි. එතකොට වඩා සමබර දියට මේ ප්‍රශ්නය දිහා බලන්න පුළුවන්.

වයිරසවේදීන් තමයි පරීක්ෂණ පවත්වන්න ඕන. වසංගත රෝග විද්‍යාඥයාගේ කටයුතු ඇරඹෙන්නේ ඉන් පසුවයි.

JMO විශේෂඥ වෛද්‍යවරයා ඇති උනාම නිවෙස්වලට ගිහිල්ලා සම්පල් ගන්නවා covid -19 තියෙනවද නැද්ද කියල බලන්න. සාමාන්‍යයෙන් මරණ පරීක්ෂණයකදී ශරීරයේ විවිධ කොටස් අරගෙන බලනවා. එක තුළින් තමා යම් ප්‍රමාණයක් නිවස තුළම මැරුණු අය හොයාගෙන තියෙන්නේ කොවිඩ් තියෙනවා කියලා. නිවසේම මේක සිද්ධ වෙන එක ප්‍රහේලිකාවක්. ඇත්ත වශයෙන් ඒකත් පර්යේෂණ කරලා බලන්න ඕන. covid වෛරසය දරුණු මාරාන්තික වෛරසයක්. අතීතයේ මීට වඩා දරුණු වෛරස ලෝකයේ තිබුණා.

ඇමරිකාවේ තමයි ඉදිරියට ම ඇවිත් තියෙන එන්නත තියෙන්නේ. ඒකෙ තව පර්යේෂණ කරන්න තියෙනවා. ඔවුනුත් කියලා තියෙනවා පර්යේෂණ කරලා ඉන් පසුව තමයි නිෂ්පාදනය කළ යුත්තේ කියලා. එන්නතක සාර්ථක නම් හරියටම බලන්න ඕන එහි ක්‍රියාකාරි එන්නතක් ද හානි නොවන එන්නතක් ද කියලා. ඒක ඉන්න දීලා යම් කාලයක් බලන්න ඕනා රිසර්ච් කරන්න ඕන. සාමාන්‍යයෙන් ලෝකයේ මින් පෙර එන්නතක් පිටවෙන්න අවුරුදු හතක් වත් යනවා. කෙටි කාලෙකින් මෙවැනි එන්නතත් පිළිබඳ කතා කළත් මම නම් හිතන්නේ තව අවුරුදු දෙක තුනක් වත් යනවා මෙවැනි එන්නතක් පිටකරන්න.

මං හිතන්නේ මං කිව්ව විදියට දැන් අපි සන්ධිස්ථානයකට ඇවිත් තියෙනවා තියෙනවා දැන් මේක පැහැදිලිව සමාජයේ පැතිර යන ලකුණු පහළ වෙලා තිබෙනවා. අපිට ජනතාව අවදි කරල දැනුවත් කරලා, හැම පුද්ගලයෙක්ම තේරුම් ගන්න වෙනවා තමන් ආරක්ෂාව වෙන්න ඕන කියන එක.

එන්නතක් ගැන කිසිම විශ්වාසයක් තියන්න බෑ එකක් එකේ වියදම අධිකයි අනික පහසුකම් ඇති කරන්න තියෙනවා . එකේ තවම අනතුරු නැහැ කියලා ඔප්පු වෙලත් නැහැ.

සෞඛ්‍යය දෙපාර්තමේන්තුවේම වසංගත රෝග අංශයේ වුනත් ඒකෙ තියෙනවා සෞඛ්‍ය අධ්‍යාපන අංශයක්. ඒ අංශය තුළ යම් සාමාන්‍ය දැනුමක් මාධ්‍ය හරහා ජනතාවට ලැබුණට ඒක ඇත්ත වශයෙන්ම කාවද්දලා නෑ. ඒක පුරුදු කළොත් ඉන් විතරයි මේක පාලනය කරන්න පුළුවන්. මේ වෛරසය ඉබේම වැඩෙන්න බෑ. වෛරසය පැය තුන හතරකින් මැරෙනවා. වෛරසය පවතින්නේ ආශ්වාස ප්‍රශ්වාසය මගින් තව කෙනෙකුට යාමෙන්. අපි එක නැවැත්තුවොත් මේ වසංගතය පාලනය කළ හැකියි.”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්