දැන් හමුවන මෙරට කොවිඩ් ආසාදිතයන්ගෙන් 95%කටම ඔමික්‍රෝන්

Picture of Roshan

Roshan

FILE PHOTO: Test tube labelled “COVID-19 Omicron variant test positive” is seen in this illustration picture taken January 15, 2022. REUTERS/Dado Ruvic/Illustration

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව තුළ දැනට වාර්තා වන කොවිඩ් රෝගීන් අතරින් ඔමික්‍රොන් ප්‍රභේදය 95%ක ප්‍රමාණයකට පැතිර ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

සේවක සේවිකාවන් 500 ට වැඩිය සිටින ආයතනවලට ගොස් කොවිඩ් තුන්වෙනි මාත්‍රාව ලබා ලබාදීමේ ජංගම සේවයක් අරඹන බව කොවිඩ් සම්බන්ධීකාරක , සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා මාධ්‍ය වෙත පැවසීය.

ඇතැම් පිරිස් දෙවෙනි මාත්‍රාව ලබා නොගෙන මග හරින තත්ත්වයක් පෙනෙන්නට ඇතැයි පැවසූ වෛද්‍යවරයා සමාජයේ පැතිර ඇති විවිධ මිථ්‍යා මත මීට බලපා ඇතැයිද ප්‍රකාශ කළේය.