නවතම පුවත්

දැරියක් අපචාරයට ලක්කළ දකුණේ මන්ත‍්‍රී රත්තරන් අත්අඩංගුවට

අසංක

අසංක

ශාන්තිකර්මයක් කිරීමට ගොස් දැරියක අපචාරයට ලක්කළ දකුණු පළාත් සභා මන්ත‍්‍රී කි‍්‍රෂාන්ත පුෂ්පකුමාර හෙවත් රත්තරන් ගාල්ල අක්මීමන පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඔහු විසින් අද පොලිසියට භාරවීමෙන් අනතුරුවයි.

ඔහුට එරෙහි පැමිණිල්ල සම්බන්ධයෙන් ඊයේ ගාල්ල මහේස්ත‍්‍රාක් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අද මෙලෙස ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

16 හැවිරිදි අපචාරයට ලක්වූ දැරිය පැමිණිල්ලේදී සටහන් කර ඇත්තේ සිය නැගණියට ශාන්තිකර්මයක් කිරීම සදහා පසුගිය 22 වැනිදා මන්ත‍්‍රීවරයා නිවසේ පවත්වාගෙන යන දේවාලයට ගිය බවත් පසුව තම පවුලේ අයට යළි 23 වැනිදා පැමිණෙන ලෙසත් පැවසූ බවයි.

එහිදී මව පියා සහ තමා වෙන වෙනම දේවාලය තුළට ගෙන ශාන්ති කර්ම කළ බවත් තමා ඇතුළට ගිය අවස්ථාවේදී තමාගේ සිරුරට අමනුෂ්‍ය විෂක් ශරීරගතවී ඇති බව මන්ත‍්‍රීවරයා පැවසූ බවත් දැරිය පවසා ඇත. ඉන්පසුව එය ඉවත් කළ යුතු බව පවසමින් සිදුකළ දේ පිළිබද ඇය පැමිණිල්ලේ දී හෙළිකර තිබේ.

සිරුරේ විෂ ඉවත් කිරීමට යැයි කියා දැරිය බරපතළ අපචාරයට ලක්කොට තිබීම නිසා පසුගිය 26 වැනිදා මේ පිළිබද පොලීසියට පැමිණිල්ලක් ගොනු කොට තිබුණි.

මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගැනුණේ ඊට අදාළ නීති කි‍්‍රයාත්මක කිරීමේදීය.

දම්පත් රණසිංහ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්