දැරියට හදි කළ සිද්ධියේ දකුණේ මන්ත්‍රීට ඇප

Picture of අසංක

අසංක

බාලවයස්දකාර දැරියක් ලිංගික අපචාරයට ලක්කළ බවට චෝදනා ලැබූ දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර හෙවත් ‘රත්තරන්’ ඇප මත මුදා හැරීමට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබේ.

මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේ, සැකකරු රුපියල් 25000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර සෑම මසකම අවසන් ඉරුදින උදෑසන 9ත් 12 ත් අතර කාලයේ අක්මීමන පොලීසිය හමුවේ පෙනී සිටින ලෙසයි.

නඩුව ලබන අප්‍රේල් මස 30 වනදා කැඳවීමට නියමිතයි.