දිනක් තුල වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් ගණන වාර්තා වෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පළමු වරට එක් දිනක් තුලදී නව කොරෝනා ආසාදිත රෝගීන් 150 දෙනෙකු මෙරටින් වාර්තා වී තිබෙනවා. සමස්ත රෝගීන් සංඛ්‍යාව 1469 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියේ.
මෙලෙස වාර්තා වූ රෝගීන් ගෙන් 92 දෙනෙක් කුවේට් සිට පැමිණි පුද්ගලයින් වන අතර, 53 දෙනෙක් නාවික හමුදා සාමාජිකයින් වනවා. අනෙක් රෝගීන් 05 දෙනා ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි පුද්ගලයින් බවයි යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරන්නේ.
මේ වන විට වාර්තා වී ඇති සමස්ත රෝගීන් ගෙන් 727 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් බවත් විදේශ ගතව සිට පැමිණි පුද්ගලයින් 430ක් ද ඊට අයත් වන බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරන්නේ.