ප්‍රංශය ගෙවුණු පය 24 ඇතුලත තම වැඩිම දෛනික මරණ සංඛ්‍යාව වාර්තා කළ අතර එය මරණ 499 කි.
ඒ අනුව ප්‍රංශයෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 3,253 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම මරණ සංඛ්‍යාවට ඇතුළත් වන්නේ රෝහල්වලදී මිය ගිය සංඛ්‍යාවන් පමණක් බවත්, නිවෙස්වලදී හෝ මහලු නිවාසවලදී මිය ගිය සංඛ්‍යාවන් මෙයට ඇතුළත් නොවන බවත් අල් ජසීරා පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර ඇත.
මේ වන විට කොවිඩ්-19 හේතුවෙන් ප්‍රංශයේ වැසියන් 22,757 දෙනෙකු රෝහල්ගත ව සිටින අතර, එයින් 5,565 ක් සිටින්නේ දැඩි සත්කාර ඒකකයේ ය.