මෙම මස පළමු දින හතර තුළ පමණක් සංචාරකයින් 11,535 ක් මෙරටට පැමිණ ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
මෙරටට සංචාරකයන්ගේ පැමිණිම යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන බව කී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ මස 2 වැනිදා පමණක් සංචාරකයින් 3,335 ක් පැමිණි බව ද ඒ මහතා මාධ්‍ය හමුවේ අද සඳහන් කළේය.
‘කොරෝනා’ වසංගතය තිබියදී පසුගිය වසරේදී මෙරටට සංචාරකයන් 1,94,495 දෙනෙකු පැමිණි ඇති බවත් පසුගිය මාසයේදී පමණක් සංචාරකයන් 82,327 ශ්‍රී ලංකාවට පැමිණි බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.