නවතම පුවත්

කොවිඩ් එන්නත අනිවාර්ය කිරීමෙන් , මානව හිමිකම් උල්ලංඝනය වෙනවාද ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අප්‍රේල් 30 වැනිදායින් පසු මහජනතාව ගැවසෙන පොදු ස්ථානවලට ඇතුල්වීම සඳහා කොවිඩ් 19 එන්නත් කාඩ් පත අනිවාර්ය කිරීමට රජය ගෙන ඇති තීරණය පිළිබඳව මේ වනවිට විවිධ මත හා අදහස් මතුවෙමින් ඇත . විශේෂයෙන්ම මෙම තීරණය හරහා මෙරට මානව හිමිකම් උල්ලංඝනයක් සිදුවේද යන්න පිළිබඳවද ඇතැම් කොටස් ප්‍රශ්ණ කරමින් සිටී .

ඒ අනුව රජය නිකුත් කල මෙම නව ගැසට් පත හා , ඊට අදාළ මෙම නව ක්‍රියාමාර්ගය පිළිබඳව මෙරට ප්‍රධාන පෙලේ නීති විශාරදයින් දෙදෙනෙකුගෙන් විමසා බැලීමට අප පියවර ගතිමු.

මුලින්ම අප මේ පිළිබඳව විමසා බැලුවේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සහාපති මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතාගෙනි .

මෙම නව නීතිය හරහා  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නිදහසේ ගමන් කිරීමට ඇති මූලික අයිතිවාසිකම කඩ නොවන බව  මහානාමහේවා මහතා අප කල විමසීමේදී  අවධාරණය කළේය .

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා තිබෙන නිදහසේ ගමන් කිරීමට ඇති අයිතිය අසීමිත බලයක් නොවන අතර එයට සීමා පවතින බවත් ඒ අනුව මහජන සෞඛ්‍ය එහි සීමාවක් බවත් මහානාමහේවා මහතා කියා සිටියේය.

ඒ අනුව එම ගැසට් නිවේදනය හරහා මූලික මිනිස් අයිතිවාසිකම් කඩ නොවන අතර බහුතරයකගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ගත් හොඳ පියවරක් බවයි ඔහු සඳහන් කළේ.

කොවිඩ් මර්දන එන්නත් තුනම ලබානොගත් පුද්ගලයින් පොදු ස්ථානවලට ප්‍රවේශවීම වළක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පසුගියදා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීම ව්‍යවස්ථා විරෝධී කටයුත්තක් නොවන බව ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතාද අප කල විමසීමකදී  සඳහන් කළේය .

මේ පිළිබඳ  අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, එවැනි ක්‍රියාවක් මහජන සුබසිද්ධිය පවත්වාගෙන යෑම ඉතා අත්‍යාවශ්‍ය අවස්ථාවක දී යම් යම් රෙගුලාසිවලට යටත්ව සෞඛ්‍ය අමාත්‍යවරයාට එය කළ හැකි බවය.A Courthouse sans amenities | The Sunday Times Sri Lanka

වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති නීතිඥ යූ.ආර්.ද. සිල්වා මහතා,මෙසේද පැවසීය

“එවැනි ක්‍රියාවක් මහජන සුබසිද්ධිය සඳහා පවත්වාගෙන යෑම ඉතාමත් අත්‍යාවශ්‍ය අවස්ථාවක දී අවශ්‍ය කරන ඒ ඒ රෙගුලාසි වෙනස් කිරීම්වලට යටත්ව සෞඛ්‍ය අමාත්‍යවරයාට එය කළ හැකියි. එලෙස පටහැනිව ක්‍රියා කරනවා නම්, එවැනි අය අපේ නීතියේ සඳහන් වන රෝග කාරක තත්ත්වයන් අනෙක් අයට බෝකිරීම සඳහා කටයුතු කරන පුද්ගලයෙක් හැටියට ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළ හැකියි.

ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 262 වගන්තිය යටතේ ක්‍රියාකිරීමේ හැකියාව තිබෙනවා. ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය කිරීම තහනම් වගේ, මෙයත් පොදු ස්ථානවලට, පොදු ප්‍රවාහනයට, පුර්ණ එන්නත්කරණයෙන් තොරව හෝ ඔහුව මුදාහැර ඇති බවට සහතිකයක් නොමැතිව ඇතුළුවීම හෝ ප්‍රවාහනය කිරීම තහනම් කිරීම මෙයින් කරනු ලබයි.”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්