ජනාධිපතිවරණයට අදාලව ඊයේ දින තුල පැමිණිලි 126 ක් ලැබී ඇතැයි, මැතිවරණ කොමිෂන් සභාව ප්රකාශ කර සිටී.
ඒ අනුව , ඊයේ පස්වරු 4.30 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ නීති උල්ළංඝනය කිරීම් සම්බන්ධව 115 ක් සහ වෙනත් පැමිණිලි 11 ක් ලැබී ඇති බව එහි සභාපති මහින්ද දේශප්රිය මහතා පැවසුවේය.
පසුගිය 8 වන දා සිට දින 17 ක් තුළ ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 1485 ක් ලැබී තිබේ.