දින 50ක් තිස්සේ  ලොක්ඩවුන් ප්‍රදේශ ඇරේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

* තවත් ප්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන්
ප්‍රබෝධා හෙට්ටිආරච්චි
දින 50ක් පමණ තිස්සේ හුදෙකලා කර තිබූ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් අද ( 28) දින උදෑසන 5.00 සිට  හුදකලා බව ඉවත් කෙරේ.
මේ අතර අද උදෑසන 5.00 සිට අලුතින් හුදකලා කෙරෙන ප්‍රදේශ කිහිපයක් ද නම් කර තිබේ.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ අද (28) උදෑසන 5.00 සිට හුදකලා බව ඉවත් කරන ප්‍රදේශ වන්නේ,
වේල්ලවීදිය පොලිස් වසම
කෙසෙල්වත්ත පොලිස් වසම
මරදාන පොලිස් වසම
කොම්පඤ්ඤ වීදියේ පොලිස් වසමේ වෑකන්ද ග්‍රාම නිලධාරී වසම
කොම්පඤ්ඤ වීදියේ පොලිස් වසමේ හුනුපිටිය ග්‍රාම නිලධාරී වසම
වැල්ලවත්ත පොලිස් වසමේ මයුර පෙදෙස
බොරැල්ල පොලිස් වසමේ හල්ගහවත්ත සහ කාලිපුල්ල වත්ත
වැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්සඳ සෙවණ නිවාස යෝජනා ක්‍රමය
අද (28) උදෑසන 5.00 සිට අලුතින් හුදකලා ප්‍රදේශ ලෙස නම් කරන ප්‍රදේශ වන්නේ,
කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඩේ බටහිර ග්‍රාමනිලධාරී වසම
කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඩේ නැගෙනහිර ග්‍රාමනිලධාරී වසම
මේ අතර ඇහැලියගොඩ සහ ගොඩකවෙල ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබේ.
ඇහැලියගොඩ ප්රාදේශීය ලේකම් කොට්ටාශයේ මින්නාන මින්නාන විලේගොඩ යකුදාගොඩ අස්ගුගුල බෝපත්ත යන ග්‍රාම සේවා වසම් වහාම ක්‍රියාත්මක වන පරිදි මේ මොහොතේ සිට හුදෙකලා කෙරේ .
එමෙන්ම ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් රක්වාන උතුර, රක්වාන නගරය, රක්වාන දකුණ, මස්ඉඹුල , කොට්ටල යන ගාම සේවා වසම් ද හුදෙකලා කර තිබේ .