දින 6ක ගුවන් මෙහෙයුමෙන් ගම්පහ රෝහලට කොරෝනා බාහිර රෝගී පරික්ෂා ඒකකයක්

Picture of අසංක

අසංක

නව කොරෝනා රෝගයේ ප්‍රතිකාර කටයුතු සදහා ගුවන් හමුදා‌වේ අඛණ්ඩ දායකත්වය අනුව ගම්පහ දිස්ත්‍රීක් රෝහලට කොවිඩි 19 වැලදි ඇතැයි සැක කරන රෝගින්හට ප්‍රතිකාර කිරිම සදහා බාහිර රෝගි ඒකකයක් සකස් කර ඊයේ (04) භාර දී තිබේ.

දින හයක් වැනි කෙටි කාලයක් තුළ මෙම අංශයේ සියලු වැඩ නිමකොට භාර දීම විශේෂත්වයකි.

ගුවන් හමුදාවෙන් කළ ඉල්ලිමකට අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ සිවිල් ඉංජිනේරු පක්ෂාංගය මෙම කටයුත්තට දායක වී තිබේ.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් හා සෘජු අධික්ෂණය යටතේ ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂක මණ්ඩලයේ මග පෙන්විම මත එක් නිලධාරියෙකු හා සෙසු නිලයන් 30 දෙනෙකු මෙම බාහාර රෝගි ඒකකය ඉදිකිරිමේ කාර්යය සදහා එක්වුහ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ සිවිල් ඉංජිනේරු පක්ෂාංගයේ අණදෙන නිලධාරි ගෲප් කැප්ටන් ඒමිබිසිඩි මුතුතන්ත්‍රිගේ රෝහල් පරිශ්‍රය භාරදීමේ අවස්ථාවට එක්වුයේය.

මෙම ඉදිකිරිමි කටයුතු සදහා මුල්‍ය අනුග්‍රහය ගමිපහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් හා ධානපති පිරිසක් දායක වුහ.