නවතම පුවත්

කුරුණෑගල රෝහලේ ඖෂධ ගබඩා ගින්නට හේතු හෙළිවෙයි

අසංක

අසංක

කුරුණෑගල රෝහලේ ඹෟෂධ ගබඩාවේ අද (05) හටගත් ගින්නට හේතුව අධි සාන්ද්‍රණයෙන් යුත් විෂබීජ නාශක භාජනයකට ගිනි ඇවිලීමක් නිවීමට ජලය යෙදීමෙන් එම රසායනිකය ජලය සමග ප්‍රතික්‍රියා කිරීම බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

මෙම ගින්න හටගත් ඹෟෂධ ගබඩාව පිහිටා තිබී ඇත්තේ මහල් හතරකින් යුක්ත ගොඩනැගිල්ලක පළමු මහලේය. ගින්න පළමු මහලෙන් ඔබ්බට පැතිර යාමට ඉඩ නොදී එය වලක්වා ගැනීමට හැකිවී ඇත. ඹෟෂධ ගබඩාවේ විශාල වශයෙන් ඹෟෂධ ගබඩා කර තිබී ඇති අතර එම ඹෟෂධ වලින් විශාල ප්‍රමාණයක්ද විනාශ වීමට ඉඩ නොදී එම ස්ථානයෙන් ඉවත්කර ගැනීමට හැකියාව ලැබුණු බව කුරුණෑගල රෝහල් බලධාරීන් සදහන් කළේය.

විෂබීජ නාශකයක් ලෙස භාවිතා කරන ටී.සී.එල්. නැමැති රසායනික ද්‍රව්‍ය අඩංගු භාජන හතරක් සෞඛ්‍ය කාර්ය සහයකයෙක් රැගෙන යමින් සිටියදී ඒ එක් බාජනයකට ගිනි අවි ඇවිලී ඇති බවත් එම අවස්ථාවේදී ගින්න නිවීමට ජලය දැමීමත් සමග රසායනිකය ජලය සමග ප්‍රතික්‍රියා කිරීමෙන් ගින්න පැතිර ගොස් ඇතැයි පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ.

ගින්න හටගන්නා විට ගොඩනැගිල්ලෙහි තෙවැනි මහලේ රෝහල් කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙක් සිරවී සිට ඇත. ඒ අයවද නිරුපද්‍රිතව බේරාගෙන ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි