දීර්ඝ කාලයක් ලොක්ඩවුන් කර තිබුණු දිල්ලියේ දිල්ලි නුවර සංචරණ සීමා අද සිට ලිහිල් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත
දිනකට වෙළෙඳ සැල්වලින් හරි අඩක් විවෘත කිරීමට අවසර දී ඇති අතර ඒ අනුව දිල්ලියේ අද විවෘත වන වෙළෙඳ සැල් හෙට දින වසා තැබෙන අතර අද වසා තැබුණු වෙළෙඳසල් හෙට විවෘත වේ..
එලෙස මාරුවෙන් මාරුවට එම කටයුතු සිදුවන අතර මෙට්‍රෝ දුම්රියද 50%ක් අද දින සිට ධාවනය වන බව දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් මහතා පවසා ඇත.
කෙසේවෙතත් ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ තුන්වන රැල්ලට ද සූදානම් වන බවත් ප්‍රතිකාර සේවා සඳහා ඇඳන්,ඔක්සිජන් සහ ඖෂධ වැඩිකිරීමට කටයුතු කරන බවත්ය.
දින 60කට පසු ඉන්දියාවේ කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වීමේ අඩුවක්ද ඊයේ (06) දින පෙන්නුම් කර ඇති අතර එම ගණන 114,460කි.
එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන පරිදි එලෙස අඩුවක් පෙන්නුම් කර ඇත්තේ දෙවන කොවිඩ් රැල්ල ආරම්භ වී දින 60කට පසුවය.
මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් දැක්වෙන්නේ 28,809,339ක් ලෙසිනි.
ඊයේ දිනයේදී කොවිඩ් මරණ 2677ක් වාර්තා වී ඇති අතර සමස්ත කොවිඩ් 19 මරණ දැක්වෙන්නේ 346,759ක් ලෙසය.